එතැන් පටන් ඇරඹුණ අපේ ප්‍රේම කතාව සුන්දරව ගලාගියේය,,,,,හිත් රිදවීම් නැති තරම්ය.....පිටු ගන්නක් පුරා මාසය අවසනදී නිවසට එන දුර්කථන බිල මට මහත් හිසරදයක් වුයේ අප්පච්චී නිසාය.
මොකද මේතරම් බිල් එකක්.එක දිගටම තියෙන්නෙ අගට 86 න් ඉවරවෙන නොම්මරයක්..................
මට කියන්නට දෙයක් නැත...අප්පච්චී කියන්නේ සහතික ඇත්තකි.....
අම්මාට කුණු කුණු ගා ඉල්ලා ගන්නා මුදල් බිලට වැය විය....
අප්පච්චී සමග එකතු වී අන්තිමට ඇයද මට බැනේ කාලද ඇඳලද මේ....හුලඟෙ පාවෙලා යන වචන පේලි වලට වියදම් කරන්නේ මොකද ලමයො?
මම මුණිවත රැක්කෙමි......අම්මල මොනව කියනවද මංදා..හිතින් හිතමින් මම හැමදාම පැය ගනන් අල්ලාප සල්ලාපයේ යෙදුනෙමු......
දිනක් සිදුවූයේ හොඳ වැඩකි...
මධ්‍යම රාත්‍රියේ සිටම කතා කරමින් සිටි නිසා මගේ ජංගම දුරකථනය බොහෝ වේලාවකට ක්‍රියාවිරහිත විය..
මහ රෑ කාට බය වන්නද...අම්මාත් අප්පච්චීත් හොඳ නින්ඳේය.
ගෙදර දුරකථ්නය ලඟට පිය මැන්න මම රිසිසේ කථාකරමින් සිටියේ කළුවරේය...එක පාරටම අප්පච්චී දොර ලඟය...
ලොක්ක මොකද කරන්නේ?
රිසිවරය පැත්තකය....
මේ මේ මීයෙක් පැන්න....ඌව හොයන්න ආව....කළුවරේ කිසිදෙයක් කියන්නට සිහිනොවූ තැන මා පැවසුවෙමි..
ඇයි ඔයා පූසෙක්ද..අප්පච්චී තරහෙන් විමසුවා මට මතකය.....
දැන් හිනා යන මතකයක් තිබුනාට....එදින පුරාවට මට අප්පච්චී දෙසවත් හිස උස්සා බලන්නට අපහසු විය
හදිස්සියේ රිසිවරයත් දමා අහකට ගිය නිසා අනෙක් පස සිටි ඔබට අපේ සංවාදය ඇසී ඇත...එතැන් පටං.....නංගා.....ඔයා ඇත්තටම පූසෙක්ද?????
මා තරහ ගියහැම විටම ඔබ එය කියා මා හිනා ගස්වයි...........................................මතකය සුන්දරය.......