Followers
Sunday, January 22, 2012
මචන්......................................
අද මට පාසැල් කාලයේ මිතුරියක් ඇමතුමක් දුන්නා,,ඇයත් සමග ආ ගිය තොරතුරු ඒකී නොකී කතා පැයක් පමන කතා කරලා තමයි ඇමතුම විසන්දි උනේ ......
ආයමත් මට මතක් උනේ අපේ සොඳුරු අතිතය...පාසැල් සමය......
මගේ මිතුරිය මුස්ලිම් ආගමේ....ඇය ඉතා නීතී රීති සමුහයක් මැද හැදිවැඩුනෙ.....
මේ කාලයේ අපි සාමාන්‍ය පෙල කරන අවදිය....
ඒ දවස් වල හැමදාම සති අන්තයට පංති...ඇයත් මමත් ගණිතය සඳහා ගියෙ එකම පංතියකට...පාසැලෙදීත් එකටම වාඩි වී දුක සැප බෙදා හදා ගත් මගේ එක් අති ජාත මිතුරියක් ඇය...
අපි හැමදාම නොවරදවාම පංතියට ගියෙ ගණිතය ඉගෙන ගැනීමේ පරම චේතනාවෙන්..නමුත් කාලය ගෙවී යත්දී මටත් හොරෙන්ම මගේ මිතුරියට මල්සරා ඊයක් විදල........
දැන් මොනවා කරන්නදා...... දෙදෙනාම නෙත්‍රා පූජාවක් පාඩම අස්සෙ....
නමුත් කතා කරගන්න අවස්තාවක් තාම මේ දෙන්නට ලැබුනේ නෑ...
Autograph මොනවහරි ලියල දෙන්න කියල ඒ සහෝදරයට යවල තමයි කතාවට මූලික පියවර තිබ්බේ
කොහොම හරි කාලයක් තිස්සෙ කට්ටක් කාලා දෙන්න ආදරය කරන්න පටන් ගත්තා....
බොහොම හෙමින් ආදරය ගලා ගියා.
දිනෙන් දින ගෙවුනා......අපි සාමාන්‍ය පෙලට මුහුන දූන්නා....
අර සහෝදර පාසැලේ සහෝදරයා එයාගේ ගම් බිම් බලා පිටත් උනා....මිතුරියට දුරකතන පහසුකම් තිබුන මිතුරාට දුරකතන පහසුකම් තිබුනේ නෑ.......
සතියක් ගත උනා..මිතුරාගෙන් කිසිම තොරතුරක් නෑ.ලිපියක් නෑ....මගේ මිතුරිය නාහෙන් අඬනවා...
ලිපියක් යවන විදිහකුත් නෑ..ගෙදරට අහුවෙන නිසා.
මගෙ හිතට අදහසක් ආවා.......
අපි යවමු ටෙලිග්‍රෑම් එකක්.........හිකිස්
ඔන්න ඒකමතික තීරනය.....තැපැල් කාර්යාලයට ගිහින් ගෙනාවා ෆොර්ම් එකක්....
පටන් ගත්ත
------මචන්
බදාදාට 10.30ට Public Library එක ලඟට වරෙන්
ලියුවා.....අන්තිමට යෙහෙලියගෙ surname එක...
ඔන්න යැව්වා.....කොහොමද මගේ අදහස..මිතුරිය මට පින් දෙනවා.....
ඔන්න ඒ බදාදා උදා උණා....ඇයත් සමග මට එතැනට යන්න බැරි උනා....
ඇය තනිව ගොස්.......
මෙන්න ඉන්නවලු ඇගේ පෙම්වතා....පියාත් සමග..........බැබලෙමින් පුස්තකාලය ලඟ....
මිතුරියට කරකියාගන්න දෙයක් නැතිවෙලා නොදන්න ගානට ගිහින් පැයක් විතර පත්තර බලලා....හෙමිට ගිහින් ගේට්ටුව ලඟත් බලලා තාත්තයි පුතයි ඉන්නවලු.බැරිම තැන තාත්තා පුතාට කියල ගෙදර යමු කියලා
මිතුරාට කරගන්න දෙයක් නැතිව ආපහු ගිහින්.....අනේ මගෙ මිතුරිය කවදාවත් නොකියවපු පත්තර ටික කියවල හෙමිහිට ගෙදර ගිහින්......
මදෑ දෙන්නා ඉස්සරවෙලාම හම්බෙන්න හිටියා.....
පස්සෙ දනගත්තු හැටියටනම් තාත්තා කොහොමටත් එදාට කුරුණෑගලට එන්න ඉඳල තියෙන්නෙ....සැකයක් හින්දා නෙවේලු එතැනට ආවේ
එන්න එපා කියන්න මිතුරට බැරි නිසා තාත්තා එක්කම එතැනට ඇවිත් හිටගෙන හිටියළු අඩුම තරමේ ආපු එකේ දැකලවත් යන්න ඕනෙ හිංදා
පස්සෙ කාලෙක ඒ ආදරයත් පාසැල් කාලය වගේම අතීතයට එකතු උණා
Subscribe to:
Post Comments (Atom)
අපරාදෙ..පාසැල් කාලෙටම එකතු උන එක ඊටත් වඩා අපරාදෙ.....
ReplyDeleteපාසැල් ප්‍රේමය කොයිතාම් සුන්දර උනත් සැබෑවෙනවා අඩුයි කිරිල්ලි..කොහොමටත් මගේ මිතුරිය ට ඇගේ තනි තීරනයක් ගන්න හැකියාවක් තිබුනෙත් නෑ
Deleteඅලුත් ඇඳුම ලස්සනයි ඒත් ටිකක් තද පාට වැඩි නේද? රතු..කලු..ඇස්වලට ටිකක් අමාරුයි වගේ.....:)
ReplyDeleteඅනේ ඇත්තද කීවට ස්තූතී.....ඔන්න මම මරුකරනවා එහෙනම්
ReplyDeleteහැබැයි අදකාලේ වුනානම් වෙනත් විකල්පයක් බලන්න වෙනවා.දැන් ටෙලිග්‍රෑම් නවත්වලානේ..
ReplyDeleteආ දැන් ටෙලිග්‍රෑම් නැද්ද ? දැන් ඉතිං හැමොටම ටෙලිෆෝන් තියනවනෙ .ස්තුතී මේ පැත්තෙ ආවට
ReplyDeleteහ්ම්ම් ගොඩාක් පාසල් කාලයේ කතා අතීතයට එකතු වෙනවා මම කියන්නේ ආදර කතා..
ReplyDeleteහ්ම්ම්ම්....හැබෑවෙන්නෙ බොහොම ටිකයි වර්ණා නංගි...ඒත් පාසැල් කාලේ මගේ ලඟම යාළුවො දෙන්නගේම ඒ හීනේ සැබෑ උණා
Deleteඅදයි මෙහාට ආවෙ..:) ම්ම්ම්.. මේක කියවන්න පටන්ගද්දිම මට හිතුනෙ මේකත් මම ලියන "තටු සිඳුණු සමනළී" නවකතාව වගේද කියලයි... ඔහොම ඉස්කෝලෙ කාලෙ යටපත් ව්එලා ගිය ලස්සන ආදර කතා හුඟාක් දෙනෙක්ට තියෙනවානෙ..:)
ReplyDeleteබොහෝම ස්තූති මේ පැත්තට ආවට හිතුවක්කාරි... පාසැල් කාලයත් එක්කම අත් වැල් බැඳ ගන්නෙ බොලඳ සරල ඒත් සුන්දර ප්‍රේමය....ඒක හැමදාමත් මතකයේ රැඳෙනවා.....ඒ ප්‍රතම ප්‍රේමය නිසා
ReplyDeleteඅපරාදෙ.
ReplyDeleteඅන්තිම ටික කියෙව්වම මට හිතුනේ මේ ආදරය විවාහයකින් කෙලවර වෙන්නැති කියලා.
අද තමයි මේ පැත්තේ ආවේ,. ඇත්තටම මධුරංග අයියා කිව්වා වගේ මම හිතුවා ඒ ආදර කථාව දිගටම තියේවි කියලා.. ඒත් මොනවා කරන්නද? කාලය මැවු වෙනසක අරුමේ කියලා තමා කියන්න වෙන්නේ,.
ReplyDeleteබොහෝම ස්තූතී මේ පැත්තෙ ආවට.......පාසැල් ප්‍රේමය සුන්දර හීනයක් වෙන අවස්ථා වැඩී කියල මට නම් හිතෙන්නේ
ReplyDeleteජිවිෙත් ඔහොම තමයි.මගෙ නම් පාසල් කාලෙට වඩා ඊට පස්සෙ ඒව තමයි තියෙන්නෙ.මං ඒක කෙල්ලෙකුට ලව්.ඒ කෙල්ල තව ඒකෙකුට ලව්.තව ඒක්කෙනෙක් මට ලව්.හයියො සල්ලි.මට අාදරය කරපු කෙනා තාම තනියම.
ReplyDeleteඉතිං බං ඒ කෙල්ලට ආදරය කරපංකො... හි හි... සමාවෙන්න වැරදි යමක් කියුවනම්...
Delete