දිනෙන් දින කාලය ගෙවී ගියේය.....අපි දෙදෙනා සිතින් ලංවෙමින් සිටියෙමු.....බොහෝ ඉරිදා දිනයන්හි මා කොලඹ පැමිනියේ ඔබ හමුවීය....මීගමුව නගරය...මුහුදු තීරය විචිත්‍රවත් මතකයකි.........
හිරු බසිනා දෙස බලා සිටිමින් බොහෝ දේ කතා කරමින් සිට නැවත කොලඹ බලා මම පැමිනියෙමි..........
නංගා මම ඔයා ගැන අපේ ගෙදරට කියනවා...වීරයා සේ සිටියද එය ඇසූ විට මා චංචලවුයෙ අප්පච්චි නිසාය.
හ්ම්ම්ම්ම්...ඔයත් කියන්න හොඳද? හ්ම්ම්ම්ම් ... මොකද ඔයා මේ බස්සෙක් වගේ හ්ම්ම් හ්ම්ම් ගාන්නේ.....නෑහ්... සුමුදු.....මම දන්නවා ඇයි ඔයා තාම මට මොකුත් කියන්නෙ නැත්තෙ කියලා... ආගම මට කිසිම ප්‍රශ්නයක් නෙවේ.....ඔයා බුද්ධාගමේ බව මම නොදැන නෙවේ මේ affair එක පටන් ගත්තේ.....
ඉතිං ඔයාලගෙ ගෙදරින් කැමති වෙයිද ? ඇයි ඔයාට අකමැතිවෙන්නේ? අපේ කිසිම නොගැලපීමක් නෑ....ආගම ප්‍රශ්නයක් නෙවේ....බුද්ධාගමට මමත් ගරු කරනවා...
ඔයා අපේ අක්කා එක්ක කතා කරන්නකෝ.....දිනක් සවස්යාමයේ මම ඔබේ සහෝදරියට ඇමතුමක් ගතිමි...
එදා පටන් අදටත් අක්කා මා සමග ඇත්තේ අපූර්ව බැඳීමකි...ඇය මට සෙනෙහෙවන්ත සහෝදරියක් වුවාය...
නංගි අපේ මල්ලි ගැන මට කියන්න වචන නෑ.එයා ඒ තරමටම හොඳ සහෝදරයෙක්...ඔයාට කවදාවත් දුකක් වෙන්න මගේ මල්ලි ඉඩ තියන්නේ නෑ....
මම ඔයාලා දෙන්නාටම සුභ පතනවා
සෑම දෙයක්ම සුභවාදීව විසඳෙමින් තිබුනි.ආගම ඔබේ අම්මාටද මගේ අම්මාටද මතුපිටින් ප්‍රශ්නයක් වී නොතිබුනි...නමුත් දෙදෙනාම යටි හිතින් එය විඳ දරාගත්තේ දරුවන්ගේ සතුට තමන්ගේ සතුට වූ බැවිනි....
එක් සුන්දර වු සෙනසුරාදා හවසක ඔබත් අම්මාත් අක්කාත් තාත්තාත් අපේ නිවසට පැමිනියෝය......සතුටු සිනා වැල් ගලාගියේය.......
අපි අපේම වන්නට ප්‍රතම අඩිතාලම දැමුවෙමු........
නමුත් එදින මහා අසුභ නිමිත්තක පෙරනිමිති දැක්කේ මා නොව මගේ අම්මාය.....ඒ ඔබ සියළු දෙනා අපේ නිවසට එනවිට එක් වරම විදුලිය ඇන හියේය....
අනේ මංදා හිතට මොකද්ද වගේ......
මේ කතාව මට කියවන්න හිතෙන්නෙ නැහැ.....මම අවසානය දන්න නිසා....අනේ මන්ද ඔයාගෙ දුක තුනී වෙනව නම් ලියන්න..මේ දේ සිදු උනේ වෙන කෙනෙක්ගෙ වැරැද්දක් නිසා නම්,අනිත් අයගෙත් ඇස් ඇරේවි...!!
ReplyDeleteම්ම්ම්...ඔයා ලියන්නම එපා කියනවනෙ මට කිරිල්ලි......ඇත්තටම මගෙ හිතේ තියන හැමදෙයක්ම ලියන්න හිතුවෙ අතීතය ගැන කථා කරන්න කවුරුත්ම නැති නිසා ....
Deleteඇත්තටම ආයමත් මේ වගේ , කෙනෙක්ගෙ නොසැලකිලිමත් කමක් නිසා කාටවත් තමන්ගේ වටිනා ජීවිත වලින් වන්දි ගෙවන්නට නම් සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
කරන්ට් යන එක ශෝක් නේ !
ReplyDeleteමම නම් ආසයි කරන්ට් යනවා නම්.. එතකොට ගෙදර කට්ටිය එකට එකතු වෙලා එක පහනක් යට ඉදන් කතා කරන්න පුලුවන් නේ. :)
@වින්චැට් :
ඔයා කෝමද මේ කතාව දන්නේ ?
මට මේ කතාව දන්න කෙනෙක් මේ අක්ක ගැන මුලින්ම කියල එයාගෙ බ්ලොග් එකත් පෙන්නුවා....ඒත් මෙයාගෙ අතින්ම මේ ලියන දේවල් බලන්න මම ආස නැහැ...මට තරහත් යනවා.........මෙයා එක්ක නෙවේ...'ඒ මිනිස්සු' එක්ක....
Delete@ Maduranga හි හී පහන් නම් තිබ්බෙ නෑ මල්ලි...ඉටිපන්දම් එළියෙ න් තමයි කතා කලේ
Delete@ කිරිල්ලි
මගේ හිතේ තියන දෙවල් මේ....ඇත්තම සිද්ධිය......මම නම් අලුත් ජීවිතයක ....අසාධාරණය උණේ එයාට ගොඩාක් ආදරෙන් හිටපු එයාගේ පවුලෙ අයට වැඩියෙන්ම.....
එයාගේ අක්කගේ මහත්තයාත් යුධ හමුදාවේදි රටවෙනුවෙන් තමන් ගෙ ජීවිතය පරිත්‍යාග කරපු රණවිරුවෙක්.....එතකොට පොඩි බබාල දෙන්නටම අවුරුද්දක් විතර ඇති....එයාලව බලා ගත්තෙත් මේ කතාවේ කථා නායකයා...
මට තාමත ඒ දුක දැනෙනවා.
මිනිස්සු හරිම නපුරුයි..ආත්මාර්ථකාමියි
කතාවේ අග මුල ගලපන්න මට දැනුමක් නෑ...නමුත් වටින් ගොඩින් ඇහුනු දේවලින් හිත සසල වුනා... විශ්වාස කළ යුත්තේ මොකක්ද යන්න හිතාගන්න බෑ... කාලය බොහෝ දේට විසඳුමයි... මහා වැලි කඳු වලට යටවුනු රහස් කාලය නම් සුලඟින් කවදා හෝ එළිවේවි... ඒ අපේ ජීවිත කාලය තුළ නොවෙන්නත් පුළුවන්... නමුත් එදාට සත්‍යය හඳුනාගන්නා මිනිස්සු සැබෑ වීරත්වයට ගරු කරාවි... බ්ලොග් එකට පණ දීපු එක වටිනව.... සුභ පැතුම් දිගටම ලියන්න....
ReplyDeleteමේ පැත්තෙ ආවට ස්තූතී
ReplyDelete