නොසිතුවෙමි මම
කිසිදු දිනයක
ඔබෙන් වෙන් වී
තනිව යන්නට
දෑත් පටලා
ඔබත් සමගම
පිය මනින්නට
බලා සිටි සඳ
මත සැමරුම්
මා වෙලාගෙන
අනන්තය වෙත
රැගෙන යයි සිත
දවයි හදවත, පෙළයි මා සිත
තනිකමින් මා දැවෙයි සැමදින
නුඹට පෙම් බැඳි සිව් වසර තුල
මතක සැමරුම් මහමෙරක් විය
සිතට නොහැඟේ
හදට නොහැඟේ
මුදා ලන්නට
මගේ තනිකම
එක් වතාවක්
නුඹ දකින්නට
වරම් ලැබිනොත්
ඔබේ ලොව මට
රැගෙන එමි මම
මගේ ජීවය
පුදා ඔවුනට
ඔබව මෙලොවට
ප/ලි
වර්තමානයට කිසිසේත්ම සම්බන්ධ නැත.අතීත මතකයක දුක්බර ව සිටි මොහොතක අතීතයෙදීම ලියැවුනකි.
සිතට නොහැඟේ
ReplyDeleteහදට නොහැඟේ
මුදා ලන්නට
මගේ තනිකම
මේ ටික නම් හුගක් හිතට දැනුනා.
හ්ම්ම්ම්ම්.. බට්ටි...කාලයකදි විඳපු තනිකම ආයෙමත් කවදාවත් මට දැනෙන්න එපා..
Deleteඅද දුක හිතෙන කවි සිතුවිල්ලක් !
ReplyDeleteදුක හිතෙන සත්‍ය සිදුවීමක්.....
Deleteඑහෙම කරන්න පුලුවන් කමක් තිබුනා නම්..කවි සිතුවිල්ල ලස්සනයි...
ReplyDeleteඔව් කිරිල්ලි.....ඒත් එහෙම කරන්න බෑනේ....නේද?
Deleteහ්ම්ම් ගොඩාක් සංවේදී.
ReplyDeleteසිතට නොහැඟේ
හදට නොහැඟේ
මුදා ලන්නට
මගේ තනිකම
ගොඩාක් හිතට දැනුනා
හිතට ඇත්තටම දැනෙන දේ වර්ණා
Deleteමග දමා යනු බැරි මතක
ReplyDeleteඅරන් යමු අපි
සඟවා රන් පැසක
හදවතේ ගැඹුරුම තැනක
කොයිතරම් බර වුනත්
හදවතට
විසිකරනු බැරි මතක
කොයිතරම් සිරවී ඇත්ද
සිනාවෙන හඬන
ලස්සන මුහුණු යට
මග දමා යනු බැරි මතක
Deleteවැලපෙයි මසිත තුල තවම
හදේ ගැඹුරුම තැනෙක
මම යනෙන හැම තැනම
මතක යයි මා සමග
කෙතරම් බර වුවත් මට
දමා යන්නට නොහැක මහමග
පෙනෙන්න්ට ලොවට
කෑ ගසා සිනා සෙමි තුටින
සිතන්නෝ දකින්නෝ
සතුටුවෙති
නැතැයි මතක අතීතය
සුන්දර අතීතය
දුක්බර වීය මට
පැමිණි හිත් පිත් නොමැති
"මරු" නිසා මට...........