මේ කතාවේ කතා නායකයා මගේ සහොදර පාසැලේ සාමාජිකයෙක්..එ දවස්වල මට තිබුනේ ආදරයක් නම් නෙවේ...එත් අපි දෙන්න හොද යාලුවෝ..
(එක පටන් ගත්තවිදිහ වෙන දවසක ලියන්න ඕනේ...)
අපි දෙන්න ආදරය කලේ නම් නෑ.එත් new year card, Birth Day card ,Gift,අපි අතර හුවමාරු උනා.මගේ මේ යාලුකමට නමක් හොයන්න අපේ සෙට් එකේ යාලුවන්ට අපි ඉස්කොලෙන් අස්වෙනකලුත් බැරි උනා.....
ඔහු....පාසැලේ "චරිතයක්" අපේ පාසැලේ නමගිය කෙනෙක්....
කොහොම නමුත් පාසැල් අතිතය සුන්දරයි
මගේ මේ x යාලුවා මට හම්බෙන්නේ හරිම කලාතුරකින්.එත් හම්බවුනත් අපි කතා කරන්නෙත් නෑ.නොදැක්ක ගානට යනවා...අනේ මංදා අපි ඇයි එහෙම කලේ??ඔහොම කාලයක් ගත උනා ම්ං එය ගැන දන්නෙත් නෑ.ඒත් හැමදාම මගෙ ඇස් එයාව හොයනවා.... හම්බුන දවසක මට කිවා එයත් එහෙමයි කියල...
ඔන්න දවසක් මං මගේ අතිජාත මිතුරිය එක්ක පෑනක් ගන්න කියල බාලිකාවට විරුද්ද පැත්තේ තියන බූක්ශොප් එකට ගියා.පෑනත් අරගෙන එලියට බැස්සා මොනවද කියව කියව කියව........මං හොයපු.....මං කලෙකින් නොදැකපු මගේ මිතුරා මගේ ඉදිරියේ....
මම ඉස්කොලේ ඉස්සරහද ඉන්නේ කියල මට අමතක උනා......ඔහු හිටියේ පාර මැද පාසැල් නිල ඇදුමින් බව ඔහුට අමතක උනා...ඔහු පාර මැද .... වාහන පෙලියක්...තදින් නලා වයමින් සිටියා.....ඔහු කිසිම දෙයක් නෑසු කන් ඇතිව මා හා සිනසුනා........ඒයි බං අරූට පිස්සුද මේ ඉස්කොලේ ඉස්සරහ......ඒ මගේ මිතුරිය...මට ඒ වගක්වත් නෑ.
මට දැනුනු හැඟීම...මට ම තෙරුනේ නෑ.....
ඔහුගේ පාපැදිය පාර මැද..බාලිකාව ඉදිරියේ,, වාහන පොලිමක්..ඔහුට පිටුපස......හිකිස්.....
පසුවදා එය 'හරිම ලොකු මාතෘකාවක්.අපේ නංගිලා සහ අපේ මිතුරියන්ගේ(ඒ වෙලාව පාසැල ඉවර උනු වෙලාව නිසා අපේ පාසැල් ගේට්ටුව ලඟ සු ...සූ.. ගාලා නේ හැමෝම )!
ඒයි බං සුමු... මොකද්ද බං ඔය මගුල ???? ඒ මගේ යෙහෙලිය චන්දි...
අනේ මංද බං....
මගේ මේ මිතුරා පාසැලේ හොඳ "BASKET BALL "PLAYER " කෙනෙක්..කාලයක් යද්දි මං යනකොට ඉස්කොලේ මගේ මිතුරියෝ මාව අමතන්නේ ඔහුට පාසැලේ අමතන CARD එකින්...එහෙමත් නැත්තම් "GO BASKET GO" හිකිස්....මමත් ඉතිං ඒ දවස්වල හරිම ආසයි....එහෙම කියනවට.ඒත් ඒක ම්ං කාටවත් පෙන්නන්න ගියේ නෑ.
අපි දෙන්නටම වගක් වත් නැතිව කාලය ගත උනා
ඔන්න එදා සෙනසුරදා දවසක්..අපි CLASS යන්න සෙට් වෙන්නේ චන්දි මගේ අතිජාත මිතුරියගේ ගෙදරට.
ඔන්න මගේ මිතුරගේ උපන්දිනය....කාලයක් තිස්සෙ මං බලාගෙන හිටියේ එදාට ටිකක් කතා කරන්න
හිටපං බං අද අපි ඌට විෂ් කරමු..... ඒ චන්දි..........
යෙහෙලියො කොයිතරම් හිටියත් "චන්දි"නැත්තම් එතන කිසි ගතියක් නෑ.ඒයා සෙට් වෙන තැන පාලුවකුත් නෑ.හැබැයි ඉඳල හිටල මොංගල් වැඩත් කරනවා අපරාදේ කියන්න ඕනේ නෑ
ඔන්න චන්දි call එක ගත්ත කියමුකෝ.......කල් යල් බලලා ගත්තත් දුරකතනයට පිලිතුරු ඔහුගේ පියාගෙන්"
පියා සැර පරුෂ පුද්ගලයෙක් කියල තමයි මගේ මිතුරා මාව දැනුවත් කරල තිබුනේමෙහෙමයි සංවාදය යන්නේ
හෙලෝ!
යෙස්
මට --- කතා කරන්න පුලුවන්ද?
(මිත්රශිලි නොවන හඩකින්)
කව්ද මේ කතා කරන්නෙ??
මගේ මිතුරාගේ පියා(මෙහෙම කියන එක හරිද මංදා....ඔහු බ්ලොග් බලන්නෙත් නැති හින්දා කමක් නෑ වගේ ඉතිං)ස්ත්රී පාර්ශවයට ටිකක් කැමති කෙනෙක්...චන්දි ඒක දන්නේ ඔවුන්ගේ පවුල් අතරේ දැන ඇඳුනුම් කමක් තිබුනු නිසා .
ඇගේ කට හඬ වෙනස් කරපු ඇය මෙහෙම කිවා .(අපි මමයි,නිමන්තිකායි හොල්මං වෙලා)
මම සජිත ගේ අම්මා....(මිහිරි ස්වරයෙන්)
මේ mr.ජයවර්දන වෙන්න ඇති..
(සිනා)අපේ පුතා ගැන පොඩ්ඩක් කතා කරන්න,,,
එයා subjects මාරු කරන්න හදනවනේ.පුතා එයාගේ යාලුවෙක් නේ (සිනා)... ඒකයි ගත්තේ.......(හිනාවක්...)
අනේ කරදරයක්ද දන්නේ නෑ......
ආ........ඕක මොකද්ද......(ඉතා ලයාන්විතව)ඉන්න ....මං පුතාට දෙන්නම්....
පුතා මෙන්න ඔයාට call එකක්..ඔන්න දැන් මිතුරා ආව කියමුකෝ....දැන් මං කතා කලා.විශ් කලා.දුරකතනය විසන්දි උනා.
ඊට පස්සේ මගේ මිතුරා සහ ඔහුගේ පියා අතර යන සංවාදය මෙහෙමයි....
මොකටද ඒ ලමය SUBJECT මාරු කරන්නේ (ඔහු හොල්මං වී බලා සිට දුන් පිලිතුර ....අනේ මංදා)
එතකොට කාගේ අම්මද ඔය කතා කලේ ?( නැවත ඔහු හොල්මං වී දුන් පිලිතුර මොන අම්මද???)
ආ දැන් තමුසෙගෙ කෙල්ල මාව ගොනාට අන්ඳන්නත් එනවද?? එක රෑයින් එලිවෙන්නෙ නෑනේ ...ආයෙත් මට හම්බෙයිනෙ
ඔහුට එහෙම අකරතැබ්බයක් උනාට (තැනට සුදුසු විදිහට මොලේ පාවිච්චි කරන්න අපි දැනගෙන හිටියා) අපිට නම් හරි ජොලි.......එදා ඉඳල චන්දි ට අපි කියන්නේ "mrs ජයවර්දන කියල"
පාසල් අතිතේ නම් හරිම සුන්දරයි... මමත් එහෙම අතිත කථාවක පලවෙනි කොටස පොස්ට් කලා විතරයි.... එහෙම නමක් නැති සබදතා ඇත්තටම ගොඩාක් සුන්දරයි කියලා අත්දැකිමෙන් මමත් දන්නවා
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම් :-)
ReplyDeleteසිරකරුවා-හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ඒ දවස් මතක් වෙලාද දිග සුසුම.....
ReplyDeleteදේවා...ඒ අතිතය සුන්දරද කෙතරම් නේද
අනේ අප්පේ පරණ කතා ටිකක් මතක් වුණා... සුම්මා දිගටම ලියන්න ඔය කම්මැලිකමේ ඉන්න එකේ හරිද?
ReplyDeleteපරණ කතා නම් එමටයි සංජු
ReplyDeleteස්කෝලෙ කාලෙ කතා නම් ආයෙ ඉතින් ඇඩෙනවා... මතක් වෙද්දි
ReplyDelete.කවුද සුමුදු මේ කියන බස්කට් බෝල් ප්ලේයර්.... .මූව මම දැනගන්න ඕනනේ... .සුමුදුලාගෙ සෙට් එකේ වැඩ ගැනත් ලියන්න වෙයි ලඟදිම....
ReplyDeleteඑහෙම නම කීයන එක හොඳ නෑ අභීත අයියා.. ඔයා දන්නව ඇති..තමයි.පොඩි හින්ට් එකක් දෙන්නම් හිටියේ වැහැර..පුබුදු මාවත..
ReplyDeleteඒක තමයි පිස්සා..මතක් වෙනකොට හරිම ජොලි..
ReplyDeleteඅභීත අයියලගේ ඒ දවස් ගැන ලියනවද...නැද්ද .තාම මං හිතනවා..බිය විමට දෙයක් නැත.මම ඔහුගේ අගසව් දෙනම ගැනම හොදින් දනිමි.හදුනමි...හිකිස්...හිකිස්.....