Followers

Thursday, April 18, 2019

හුදෙකලාව

මූදු ගනනක් එහා කෙලවර
සෙනෙහසින් සපිරුනු කැදැල්ලක
පුරා තිස් අවුරුදු අතීතෙක
සුවද තාමත් විදිමි හිත තුල........
ගමින් මහ දුර
ඈත නුවරක
සිප්සතර අවසන් කරපු මට
දෑස්දල්වා  සිප් හලම ලග
අප්පච්චි නුඹෙ සිනාසුනු වත
බලාසිටියුරු මැවි පෙනේ අද ..............
ටිකක් තරවටු
 නොහොද නොක්කඩු
කියමින්ම මට
ගොඩක් අදරින් දිරි දුන්
අම්මෙ තවමත් කිසි කෙනෙක් මට
හමු උනේ නැත
සමකරන්නට ඔබේ ගුණ කද...
 හිතේ මහ ලතැවුලක් ඇත්නම්
එයත් හන්ගා සිනාසෙන ඔබ
පුතේ කොහොමද හොදින් නේදැයි
අසන්නට හරි හපනියක් බව
දන්නේ මන් පොඩි කාලෙ ඉදලා.................
මහා නුවරක
හුදෙකලාවක
ලොව නිදන විට
මතක් උන
අම්මාගෙ
ආදර තේ කොප්පය
පාර කිවා ගෙදර  එන්නට .......

No comments:

Post a Comment