මුතුපබලු වැල්
අමුනමි ජීවිතය මුතුපබලු වැලකට................... හැඩ වැඩ දමා.... පලදින්න මතු දිනෙක
Saturday, April 28, 2012
ආපසු යන්නට ඇත්නම් මා බාල කාලයට...................
අම්මා සමග හුරතලයෙන් පසුවෙන්න
අප්පච්චී එක්ක කෙළි දෙලෙන් පසුවෙන්න
සෙල්ලම් බත් උයා තුටින් නටමින් ඉන්න
දෙවියනි දෙනවාද වරයක් මා බාල කාලයට යන්න..............
ජීවිතයම සංකීර්ණ වී ඇත්තේ
සැනසුම සතුට තිබුණත් අඩුවක් ඇත්තේ
අතීතයට යන විට සිත දුක නැත්තේ
වරයක් ලැබුනොතින් පියඹමි සතුටින්නේ ..................
මව නැගනිය පියා සමග ගෙවු අතීතය
නැවත නො එන බව දැන දැන දුක වැඩිය
වෙල් එළි තුරු ළතාකඳු වැටි සැම තැනය
ඒ මැද තිබූ ගෙය තාමත අගනේය...........................
සිනහව සතුට සැම දින එහි තිබුණේය
අඩුවක් පාඩුවක් මට නොදැනුනි කෙදින
ආදරයයි පිරී පැවතුනේ සොඳින
සැමදින සිහිවන්නේ එය මට ආදරිණ.....
තනිව සිටිනවිට ආදරණීයයන්ගේ අඩුව දැනෙනවා වැඩිය......
සැතපුම් දසදසක් දුර සිටිමින් මම සුසුම් හෙලමි...අවුරුදු නිවාඩුවට ගොස් පැමිනිවිට වෙනදාටත් වඩා තනිකමක් මට දැනුනි............
Sunday, April 8, 2012
Saturday, April 7, 2012
කැන්ගරු දිවයින (ඕස්ට්‍රේලියාවම නොවේ)....................2
අපි දෙන්නාම MAP එක අරගෙන හිතේ හැටියට බලාගත්තා...අපරාදෙ කියන්න ඕනෙ නෑ බලන්න ඕනෙ හැම දෙයක්ම හැම පාරක්ම බොහොම පැහැදිලිව සිතියමේ තිබුණා....
දිගටම ලියන්න අද නම් කාලය හරස් වෙන්නයි යන්නේ..

මේ ගල් වල කුහර හැදිල තියෙන්නෙ සුළඟට...වසර දස දහස් ගනනක පරිනාමය............
දැක්කම ආසා හිතෙන්න දැම්මෙ පිංතූර විතරයි.බලන්නකො එකම දූපතේ ලස්සන
Tuesday, February 28, 2012
කැන්ගරු දිවයින (ඕස්ට්‍රලියාවම නොවේ...) - 1
බින්දි " පර්ත් " ගැන දාලා තිබුණු පොස්ට් එක දැක්කම මටත් හිතුණා මේ දකුණු ඕස්ට්‍රේලියාව ගැනත් ලියන්න ඕනෙ කියල...නමුත් තවම ඒ ගැන කරුණු හොයන්න නම් අපහසු උණා... ඒ නිසා ම මම හිතුවා දකුණු ඕස්ට්‍රලියාවට පහලින් තියෙන පුන්චි දූපත ගැන ලියල දාන්න කාගෙත් දැනගැනීමට.......
කැන්ගරු දූපත කියන මේ දිවයින පිහිටල තියෙන්නේ දකුනු ඕස්ට්‍රලියාවට යටින්,,බොහොම පොඩියට....
ගුවනින් වගේම මුහුදිනුත් මේ දිවයිනට ලඟවෙන්න පුළුවන්..
අපි තීරනය කලේ මුහුදින් යමු කියල"ෆෙර්‍රි" එකේ..මොකද දූපත ඇතුලෙ ඇවිදින්න තැන් බොහෝමයක් තියෙන නිසා වාහනේ ගියොත් හොඳයි කියල මෙහෙට මාව ගෙනාපු මගේ "මේ පුර වැසියා " කිව්ව නිසා...
මෙය සංවිධානය කරන්නෙ SEALINK කියල ප්‍රමුඛ පෙලේ සංචාරක ආයතනයක්... ඉතිං වාහනයක් රැගෙන යන්න කැමති නැත්තම් ඔවුන් විසින් සපයන බස් රථය තමන්ගේ ගමන් සඳහා යොදාගන්නත් පුළුවන්...තම තමන්ගේ වාහන වලඉනුත් ඒ වගේම බස් එකේ යන්නත් සෑහෙන පිරිසක් එදා ඇවිත් හිටියා....ගොඩබිමේ ඉඳලා විනාඩි 45 ක පමණ කාලයක් දූපතට යන්න ගතවෙනවා.
අපි SEALINK කාර්යාලයට ගිහින් නියමිත මුදල ගෙවල ඔවුන්ගෙන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගත්තා...ආ ඔවුන්ගේ එම පැකේජය දින දෙකක් (රාත්‍රී දෙකක් )ඉන්න වාසස්ථානයක් අපට කැමති ලෙසකට තෝරාගන්න පුළුවන්...ඔවුන් හරහා..
අපිට ප්‍රවේශ පත්‍රය සමග මේ දිවයිනේ සිටියමක් ලැබුණා....බලන්න යන තැන්....මාර්ග තුනකින් .....
මේ දූපතේ මිනිසුන් ප්‍රධාන වශයෙන් කරන්නේ බැටළුවනව ඇතිකරන එක ..එක යායට තිබුනේ බැටළුවො ඉන්න තණපිටි.
ඔන්න ප්‍රවේශ පත්‍ර දීලා අපි ෆෙර්‍රි එකට නැගගත්තා...වාහනෙත් ඒ ක ඇතුලටම දාගත්තා....
වටා පිටාව නරඹමින් ගල් සීතල වෙන හුළං රැලි වදිමින් අපි ගමන පිටත් උනා......
විනාඩි 45 ක පමන ගමනකින් අපි දූපතට සේන්දු උණා...වාහනේ ගත්ත මේ පුර වැසියා යි මමයි MAP එක අරගෙන බැලුවෙ අපේ නවාතැනට යන පාර.....
ඇත්තටම ඒ දූපත සොභා සිරියෙන් අනූනයි.....
පාර දිගට පාරට හෙවන දෙමින් තිබුනේ මහා රූක්ශ ගස්.......
පැය 1/2 ක පමන වේලාවක් ඇතුලත පාළු පාරේ අපි දෙන්න අපේ නවාතැනට ලඟාවුනා අසීරුවකින් තොරව....
ටිකවේලාවක් ගිමන් හැරලා....ඔන්න පටන් ගත්තා අපේ වාහන චාරිකාව....
කොටසින් කොටස ලියන්න වෙන්නේ ................

Tuesday, February 21, 2012
රැගෙන එමි මම නුඹව
නොසිතුවෙමි මම
කිසිදු දිනයක
ඔබෙන් වෙන් වී
තනිව යන්නට
දෑත් පටලා
ඔබත් සමගම
පිය මනින්නට
බලා සිටි සඳ
මත සැමරුම්
මා වෙලාගෙන
අනන්තය වෙත
රැගෙන යයි සිත
දවයි හදවත, පෙළයි මා සිත
තනිකමින් මා දැවෙයි සැමදින
නුඹට පෙම් බැඳි සිව් වසර තුල
මතක සැමරුම් මහමෙරක් විය
සිතට නොහැඟේ
හදට නොහැඟේ
මුදා ලන්නට
මගේ තනිකම
එක් වතාවක්
නුඹ දකින්නට
වරම් ලැබිනොත්
ඔබේ ලොව මට
රැගෙන එමි මම
මගේ ජීවය
පුදා ඔවුනට
ඔබව මෙලොවට
ප/ලි
වර්තමානයට කිසිසේත්ම සම්බන්ධ නැත.අතීත මතකයක දුක්බර ව සිටි මොහොතක අතීතයෙදීම ලියැවුනකි.

Wednesday, February 15, 2012
කිණිහිරියා මලින් මහජන පොලට....................................
මේ සිද්ධිය උනේ අපි උසස්පෙළට පංති යන කාලේ......
හැබැයි මේක කියවල හිතන්න නම් එපා ඔන්න අපි නරක ළමයි කියල......හිකිස්......
එදා නිවාඩු දවසක්.....ඒත් අපි ඉස්කෝලෙට ගියෙ පාසැලේ ත්‍යාග ප්‍රධාන උත්සවයට පෙරපුහුණුවීම් තිබුනු නිසා.......මොන මල කරදරයක්ද කිය කිය හිත හිතා.....
පාසැල් නිල ඇඳුම් නැතිව අපි පාට ඇඳුමකින් තමයි ඉස්කෝලෙට යන්න කථා උනේ...
මීට කලින් ලියවුනු බ්ලොග් දෙකක හිටිය අතිජාත මිතුරියො දෙන්නටත් එදා ත්‍යාගප්‍රධාන උත්සවයට ආරාධනා තිබ්බා..හිකිස්....ඇත්තටම අපිට විෂයන් එකකට දෙකකට හොඳ ලකුණු තිබුණා....
අපි තුන්දෙනාම අපේ ඉස්කෝලෙ ඉස්සරහ දැවැන්ත ගේට්ටුව ලඟට එද්දි උදේ 9 ට විතර ඇති........
අපෝ......මටනම් මෙතන හිටගෙන ඉඳල ඇතිවෙලා බං.....රිහර්සල් කියල තිබුනට පේළියේ ගිහින් හිනාවෙලා certificate ගන්න ඔයතරම් නහින්න ඕනෙද අද දවසම.......
කමක් නෑ ඔන්න ඔහෙ ටිකක්වෙල ඉඳල අපි යං... එහෙම හිතල අපි main hall එක පැත්තට ගියා....
මුළු පාසැලේම ත්‍යාග ප්‍රධානය කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවේ....විෂයන් 8 ටටම 6 වසරේ ඉඳලා 13 වසර වෙනකල්.....අපොයි.....
මේ බං කිණිහිරියා මල් බලන්න යන්ද අද????හිකිස්......චන්දිගෙ කටට මසුරං දාන්න හිතුණා මට......
ම්ම්ම් යමං..මේ තවත් රෑග් වෙවී ඉන්න වාතයක් නේ......
කිණිහිරියා මල් කීවේ සිංහල ෆිල්ම් එකක්...කමල් සංගීතා......
අපේ ඉස්කෝලෙ ලඟම තිබුණු sinexfo එකට අපි දැන් හොරෙන් හොරෙන් යන්න යන්නේ....මම චන්දි...ෆර්හානා.....වැඩිය කාටවත් කීවොත් වැඩේ කොට උඩ නිසා.......
කොහෙද ඔය ළමයි ආපහු යන්නේ...අපි ගේට්ටුවෙන් එළියට එද්දිම ....අපේ ගේට්ටුවෙ මුර අංකල්.....
අපි යාලුවෙක් හම්බෙන්න ආවේ අංකල්.....
කිසි ම ගානක් නැතිව කියල දැම්ම...
හැබැයි වීරවරියො වගේ ගියාට මොකද ලබ්ඩබ් ලබ්ඩබ්......එතන්ට යත්දිත් ටිකක් පරක්කු වෙලා...ටිකට් අරගෙන ඇතුලට ගියාට මෙලෝ දෙයක් පේන්නෙ නෑ....අව්වෙ ඉඳලා ඇවිත් නිසා.....
ශීට් ෆුල්..චන්දි බලපං ඔතන ඉස්සර කවුරුත් නෑ වගේ....අපි තුන්දෙනාට එකටම ඉඳ ගන්නත් ඕනෙ නිසා මම කීවා....
එක පාරටම යටිගිරියෙන් හූවක්...... මොකද බං ...මිනිස්සුන්ට ඒක ඇහුනේ නෑ ෆිල්ම් එක පටන් ගන්න ඇඩ් යන හින්දා...
තනි ශීට් එකක ඉඳගෙන හිටපු මනුස්සයෙක්ගේ කකුල්දෙක අතරට චන්දි අත දාල ශීට් එකෙ ඉඩ තියනවද බලන්න .එකපාරට උනුදේ හිතා ගන්න බැරිව ඒ අහිංසක අසරණ මනුස්සය චන්දිගෙ අත අල්ලගෙන.....හැබැයි අපේ යාළුවට පෙනිල නෑ එතන කවුරුවත් ඉන්නව කියල........
සිනා සාගරයයි ...අපිට එකලඟ ශීට් හම්බුණා....පුරා පැය2.30 තිස්සෙ කිණිහිරියා මල් බැලුවා.....
ඉවර උණා......ආයෙමත් ශාන්ත දාන්ත ගැහැණු ළමෝ එළියට එන්න එනකොටම....මගේ ඇස් දෙකට පින් සිද්ධ වෙන්න දැක්කේ අති බිහිසුණු චරිත දෙකක්......
එළියට ගියෝතින්
1.මගේ ශිශ්‍ය නායිකා පදක්කම හෙට උදයෙන්ම අහිමි වී යාම.
2.දෙමව්පියන්ට එන්නට කීම
3.නිදහ්සට කරුණු දැක්වීම
(පාසැලට,ගෙදරට )
ෆිල්ම් එක බලපු හැමෝම එළියට යනවා......අනේ අපි හැංගෙන්න තැනක් හොයනවා..
ඇත්තටම ෆිල්ම් හෝල් එක ඉස්සරහ ඉන්නේ එහා පන්තියේ මිස්ල දෙන්නෙක්...අපිව පෙන්නත් බැරි...අපිට පේන්නත් බැරි......
ඒ බං මොකද කරන්නේ.......අපි ට දැන්නම් බයයි....ෆිල්ම් හෝල් එකට එහාපැත්තෙ තියෙන්නෙ මහජන පොල.....ඒ පැත්තට යන්න කිසිම විදිහක් නෑ......මිස්ල දෙන්න ඇතුලට ආවොත් අයෙමත් ඉස්කෝලෙ නොයන එක හොඳයි....
එකම එක තැනකින් දෙකට බෙදුණු ගේට්ටු දෙකකින් එළියට යන්න තියෙන්නෙ...ඒත් ඒ දෙකෙන්ම ගියොත් මිස්ලා අපිව දකිනවා....මම ආයෙමත් සැරයක් එහා පැත්තට ගිහින් බැලුවා සෙනගත් ටික ටික අඩුවෙනවා...
ඒයි මේ දැන්නම් කරන්න කිසිදෙයක් නෑ.එහාපැත්තේ තියන තාප්පෙන් ලැජ්ජාව පැත්තක තියලා පොළට පනින එක ඇරෙන්න....
අනේ මටනම් බෑ...ලැජ්ජවෙ බෑ බන් ....කරන්න දෙයක් නෑ..මම නම් පනිනවා..
හ්ම්ම් එහෙනම් මමත් පනිනව..ඒ චන්දි....ඒත් ආගමික භක්තිය..සමාජ තත්වය ගැන හිතල තවමත් මගේ මුස්ලිම් යෙහෙලිය අදිමදි කරනවා.
කමක් නෑ බන් අද විතරනේ මෙහෙම උනේ...පනිමු....
ඔන්න අපි තාප්පෙ ලඟට ආවා...මිනිස්සුත් ඉන්නව..කරන්න දෙයක් නෑ...අපි අඳුරන්නේ නෑ නේ...නැග්ගා අරලිය ගහට ....හිකිස්...
අය්යෝ...එදා සෙනසුරාදා දවසක් හින්දා පොලෙ බඩු විකුණන මිනිස්සු ඇවිත්( එයාලා දවසකට කලින් ඇවිත් ඉන්නවා)
අපිට ලැජ්ජාවෑ සන්තෝසෙ බෑ....
එක පාරටම තාප්පෙන් පැන්න කෙල්ල (මම දැකපු පොලෙ මුදලාලිලා බිරන් ටට්ටුවෙලා
කතා නැතිව බලාගෙන
ඊට පස්සෙ චන්දි......
ඔන්න එතකොට නම් මුදලාලිලට තෙරුනා මොකක් හරි දෙයක් තමයි කියල.....
මොකද ඔය ළමයි.....
මොනා උනත් මොකද මේක අපේ වැඩක්....(චන්දි )
ඒ මට පනින බෑ බන්....
අපි දෙන්නම ලැජ්ජාව පැත්තකින් තියල පැන්නට මගේ අනිත් යෙහෙලිය තවම අරලිය ගහේ දෙබලටයි තාප්පෙටයි කකුලක් තියාගෙන.....
හොරාට චිත්තර පටියක් බලන්න ඇවිත් අහුවෙලාද කොහෙද ....පොලේ හිටපු තවත් මිනිහෙක් කියපි....
අනේ මේ අන්කල්ගෙ වැඩක් බලාගනවද කියල අහන්න බැරි හින්ද මමත් කට පියාගෙන හිටියා..
කොහොම කොහොම හරි දඟලල ෆාරාත් පැන්නා පොලට....අම්මේ ඒ වෙලාවෙ දැනුන සනීපේ...මිස්ල හොයයි අපිව......
අපි පොල මැද්දෙන් අපි නෙවේ වගේ එළියට ආවා.....හිකිස්

Tuesday, February 7, 2012
සුභ- අසුභ.......(බිඳුණු පියාපත් -17)
දිනෙන් දින කාලය ගෙවී ගියේය.....අපි දෙදෙනා සිතින් ලංවෙමින් සිටියෙමු.....බොහෝ ඉරිදා දිනයන්හි මා කොලඹ පැමිනියේ ඔබ හමුවීය....මීගමුව නගරය...මුහුදු තීරය විචිත්‍රවත් මතකයකි.........
හිරු බසිනා දෙස බලා සිටිමින් බොහෝ දේ කතා කරමින් සිට නැවත කොලඹ බලා මම පැමිනියෙමි..........
නංගා මම ඔයා ගැන අපේ ගෙදරට කියනවා...වීරයා සේ සිටියද එය ඇසූ විට මා චංචලවුයෙ අප්පච්චි නිසාය.
හ්ම්ම්ම්ම්...ඔයත් කියන්න හොඳද? හ්ම්ම්ම්ම් ... මොකද ඔයා මේ බස්සෙක් වගේ හ්ම්ම් හ්ම්ම් ගාන්නේ.....නෑහ්... සුමුදු.....මම දන්නවා ඇයි ඔයා තාම මට මොකුත් කියන්නෙ නැත්තෙ කියලා... ආගම මට කිසිම ප්‍රශ්නයක් නෙවේ.....ඔයා බුද්ධාගමේ බව මම නොදැන නෙවේ මේ affair එක පටන් ගත්තේ.....
ඉතිං ඔයාලගෙ ගෙදරින් කැමති වෙයිද ? ඇයි ඔයාට අකමැතිවෙන්නේ? අපේ කිසිම නොගැලපීමක් නෑ....ආගම ප්‍රශ්නයක් නෙවේ....බුද්ධාගමට මමත් ගරු කරනවා...
ඔයා අපේ අක්කා එක්ක කතා කරන්නකෝ.....දිනක් සවස්යාමයේ මම ඔබේ සහෝදරියට ඇමතුමක් ගතිමි...
එදා පටන් අදටත් අක්කා මා සමග ඇත්තේ අපූර්ව බැඳීමකි...ඇය මට සෙනෙහෙවන්ත සහෝදරියක් වුවාය...
නංගි අපේ මල්ලි ගැන මට කියන්න වචන නෑ.එයා ඒ තරමටම හොඳ සහෝදරයෙක්...ඔයාට කවදාවත් දුකක් වෙන්න මගේ මල්ලි ඉඩ තියන්නේ නෑ....
මම ඔයාලා දෙන්නාටම සුභ පතනවා
සෑම දෙයක්ම සුභවාදීව විසඳෙමින් තිබුනි.ආගම ඔබේ අම්මාටද මගේ අම්මාටද මතුපිටින් ප්‍රශ්නයක් වී නොතිබුනි...නමුත් දෙදෙනාම යටි හිතින් එය විඳ දරාගත්තේ දරුවන්ගේ සතුට තමන්ගේ සතුට වූ බැවිනි....
එක් සුන්දර වු සෙනසුරාදා හවසක ඔබත් අම්මාත් අක්කාත් තාත්තාත් අපේ නිවසට පැමිනියෝය......සතුටු සිනා වැල් ගලාගියේය.......
අපි අපේම වන්නට ප්‍රතම අඩිතාලම දැමුවෙමු........
නමුත් එදින මහා අසුභ නිමිත්තක පෙරනිමිති දැක්කේ මා නොව මගේ අම්මාය.....ඒ ඔබ සියළු දෙනා අපේ නිවසට එනවිට එක් වරම විදුලිය ඇන හියේය....
අනේ මංදා හිතට මොකද්ද වගේ......

Labels:
අතීත සැමරුම්
Subscribe to:
Posts (Atom)