කෙනෙකු ජීවිතය දිනද්දී
ඒ දෙස බලා සතුටු වීමට අපට හැකිනම්
එයද අප ජීවිතයේ ලබන ජයග්‍රහණයකි...
අන් අයගේ සතුට දැක සතුටු වීමට නොහැකිව
නොයෙක් අතුරු කතා එක් කොට අනෙකාගේ සිත් රිදවා කුරිරු සතුටක් විඳ ගැනිමට සමත් නෑයෝත් නොනෑයෝත් යහළුවෝත් එමටය.....
ආදරණීය අම්මේ....සියළු දේ සිත් හි දරාගෙන ජීවිතය දිනන්නට මග කියා දුන්නේ ඔබය....ඒ සියලු බාධක මැද විසල් නුග රුකක් වුයේ අප්පච්චි ඔබය....වැටි වැටි නැගිටින හැටි කිය දුන්නෙද ඔබය.....
ආදරණීය අම්මේ.....සතුටක් ලද හැම මොහොතකම ඔබ ඕනෑවට වඩා සතුටු වූයේ නැත.දුකද සතුටද එකසේ දරාගෙන ඔබ ජීවිතයට මුහුණ දුන්නේ ඉතා සතුටිනි.මා ඔබගේ සිහින සැබෑ කල දිනයේ බණ්ඩාරනායක සම්මණ්ත්‍රන ශාලාව අසලදී ඔබේ දෑස් ආඩම්බරයේ කඳුලු වලින් තෙත් වූ වග මට මතකය.
ඔබ සැමගේ ආශීර්වාදය මැද මා මැවු සිහින මාලිගා බිඳ වැටුණු දින මා ලඟටම වී නොසැලි මට දිරියක් වුයේ අම්මේ ඔබය.
නැවත ජීවිතය සොයා ගත්තේ ද ඔබෙන් ලද පන්නරයෙනි.ඔබේ සිත රිදවීමට මොහොතකටවත් මා අකමැත්තෙනි.අන් අය එසේ කලහොත් ඔවුන්ටද මා ශාප කරමි.ඒ ඒ තරමටම මා අම්මාටත් අප්පච්චීටත් ආදරය කරමි.දැයේ දරුවන් යහමග යැවීමට ඇප කැප වූ මගේ අම්මා .....අන් අයගේ සතුටට තමන්ගේ සතුට කරගත් මගේ අම්මා....සැමදා සැමවිට නොසැලී සිටින ආදරණීය අප්පච්චී ඔබ දෙපලටම දීර්ඝායු වෙවා!
No comments:
Post a Comment