Followers

Tuesday, February 28, 2012

කැන්ගරු දිවයින (ඕස්ට්‍රලියාවම නොවේ...) - 1

බින්දි " පර්ත් " ගැන දාලා තිබුණු පොස්ට් එක දැක්කම මටත් හිතුණා මේ දකුණු ඕස්ට්‍රේලියාව ගැනත් ලියන්න ඕනෙ කියල...නමුත් තවම ඒ ගැන කරුණු හොයන්න නම් අපහසු උණා... ඒ නිසා ම මම හිතුවා දකුණු ඕස්ට්‍රලියාවට පහලින්  තියෙන පුන්චි දූපත ගැන ලියල දාන්න  කාගෙත් දැනගැනීමට.......

කැන්ගරු දූපත කියන මේ දිවයින පිහිටල තියෙන්නේ දකුනු ඕස්ට්‍රලියාවට යටින්,,බොහොම පොඩියට....

ගුවනින් වගේම මුහුදිනුත් මේ දිවයිනට ලඟවෙන්න පුළුවන්..
අපි තීරනය කලේ මුහුදින් යමු කියල"ෆෙර්‍රි" එකේ..මොකද දූපත ඇතුලෙ ඇවිදින්න තැන් බොහෝමයක් තියෙන නිසා වාහනේ ගියොත් හොඳයි කියල මෙහෙට මාව ගෙනාපු මගේ "මේ පුර වැසියා " කිව්ව නිසා...

මෙය සංවිධානය කරන්නෙ SEALINK කියල ප්‍රමුඛ පෙලේ සංචාරක ආයතනයක්... ඉතිං වාහනයක්  රැගෙන යන්න කැමති නැත්තම්  ඔවුන්  විසින් සපයන බස් රථය තමන්ගේ ගමන් සඳහා යොදාගන්නත්  පුළුවන්...තම තමන්ගේ වාහන වලඉනුත්  ඒ වගේම බස් එකේ යන්නත් සෑහෙන පිරිසක් එදා ඇවිත් හිටියා....ගොඩබිමේ ඉඳලා විනාඩි 45 ක පමණ කාලයක් දූපතට යන්න ගතවෙනවා.


අපි SEALINK කාර්යාලයට ගිහින් නියමිත මුදල ගෙවල ඔවුන්ගෙන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගත්තා...ආ ඔවුන්ගේ එම පැකේජය  දින දෙකක් (රාත්‍රී දෙකක් )ඉන්න වාසස්ථානයක් අපට කැමති ලෙසකට තෝරාගන්න පුළුවන්...ඔවුන් හරහා..

අපිට ප්‍රවේශ පත්‍රය සමග මේ දිවයිනේ සිටියමක් ලැබුණා....බලන්න යන තැන්....මාර්ග තුනකින් .....

මේ දූපතේ  මිනිසුන් ප්‍රධාන වශයෙන් කරන්නේ බැටළුවනව ඇතිකරන එක ..එක යායට තිබුනේ  බැටළුවො ඉන්න තණපිටි.
ඔන්න ප්‍රවේශ පත්‍ර දීලා අපි ෆෙර්‍රි එකට නැගගත්තා...වාහනෙත් ඒ ක ඇතුලටම දාගත්තා....

වටා පිටාව නරඹමින්  ගල් සීතල වෙන හුළං  රැලි වදිමින් අපි ගමන පිටත් උනා......

විනාඩි 45 ක පමන ගමනකින් අපි  දූපතට සේන්දු උණා...වාහනේ ගත්ත මේ පුර වැසියා යි මමයි MAP එක අරගෙන  බැලුවෙ අපේ නවාතැනට යන පාර.....

ඇත්තටම ඒ දූපත සොභා සිරියෙන් අනූනයි.....
පාර දිගට පාරට හෙවන දෙමින් තිබුනේ මහා රූක්ශ ගස්.......

පැය 1/2 ක පමන වේලාවක් ඇතුලත පාළු පාරේ අපි දෙන්න අපේ නවාතැනට ලඟාවුනා අසීරුවකින් තොරව....

ටිකවේලාවක් ගිමන් හැරලා....ඔන්න පටන් ගත්තා අපේ වාහන චාරිකාව....
කොටසින් කොටස ලියන්න වෙන්නේ ................

6 comments:

  1. අඩේ ලස්සන පැත්තක් නේ. මෙවුවා දැක්කම ආස හිතෙනවා.
    තව පින්තූරු තියෙනවා නම් දාන්න.

    ReplyDelete
    Replies
    1. තාම දූපතට ගියා විතරනේ ...ඉක්මනට ඉතුරු ටික දාන්නම් පිංතූරත් එක්ක

      Delete
  2. ලස්සනයි අනේ...මටත් මතක් උනා අපි ගිනිකන්දක් බලන්න දූපතකට ගිය ගමන..ඔය වගේම 'ෆෙරි' එකක තමා අපිත් ගියෙ.........

    ReplyDelete
    Replies
    1. ඔය පැත්ත බලන්න එන්න මමත් හරීම ආසයි කිරිල්ලි ...

      Delete
  3. අනිත් කොටසත් ඉක්මණට දාන්න...........

    ReplyDelete
  4. හරිම ලස්සනයි . ඉතුරු ටිකත් ලියන්න .

    ReplyDelete