හැබැයි මේක කියවල හිතන්න නම් එපා ඔන්න අපි නරක ළමයි කියල......හිකිස්......
එදා නිවාඩු දවසක්.....ඒත් අපි ඉස්කෝලෙට ගියෙ පාසැලේ ත්‍යාග ප්‍රධාන උත්සවයට පෙරපුහුණුවීම් තිබුනු නිසා.......මොන මල කරදරයක්ද කිය කිය හිත හිතා.....
පාසැල් නිල ඇඳුම් නැතිව අපි පාට ඇඳුමකින් තමයි ඉස්කෝලෙට යන්න කථා උනේ...
මීට කලින් ලියවුනු බ්ලොග් දෙකක හිටිය අතිජාත මිතුරියො දෙන්නටත් එදා ත්යාගප්රධාන උත්සවයට ආරාධනා තිබ්බා..හිකිස්....ඇත්තටම අපිට විෂයන් එකකට දෙකකට හොඳ ලකුණු තිබුණා....
අපි තුන්දෙනාම අපේ ඉස්කෝලෙ ඉස්සරහ දැවැන්ත ගේට්ටුව ලඟට එද්දි උදේ 9 ට විතර ඇති........
අපෝ......මටනම් මෙතන හිටගෙන ඉඳල ඇතිවෙලා බං.....රිහර්සල් කියල තිබුනට පේළියේ ගිහින් හිනාවෙලා certificate ගන්න ඔයතරම් නහින්න ඕනෙද අද දවසම.......
කමක් නෑ ඔන්න ඔහෙ ටිකක්වෙල ඉඳල අපි යං... එහෙම හිතල අපි main hall එක පැත්තට ගියා....
මුළු පාසැලේම ත්‍යාග ප්‍රධානය කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවේ....විෂයන් 8 ටටම 6 වසරේ ඉඳලා 13 වසර වෙනකල්.....අපොයි.....
මේ බං කිණිහිරියා මල් බලන්න යන්ද අද????හිකිස්......චන්දිගෙ කටට මසුරං දාන්න හිතුණා මට......
ම්ම්ම් යමං..මේ තවත් රෑග් වෙවී ඉන්න වාතයක් නේ......
කිණිහිරියා මල් කීවේ සිංහල ෆිල්ම් එකක්...කමල් සංගීතා......
අපේ ඉස්කෝලෙ ලඟම තිබුණු sinexfo එකට අපි දැන් හොරෙන් හොරෙන් යන්න යන්නේ....මම චන්දි...ෆර්හානා.....වැඩිය කාටවත් කීවොත් වැඩේ කොට උඩ නිසා.......
කොහෙද ඔය ළමයි ආපහු යන්නේ...අපි ගේට්ටුවෙන් එළියට එද්දිම ....අපේ ගේට්ටුවෙ මුර අංකල්.....
අපි යාලුවෙක් හම්බෙන්න ආවේ අංකල්.....
කිසි ම ගානක් නැතිව කියල දැම්ම...
හැබැයි වීරවරියො වගේ ගියාට මොකද ලබ්ඩබ් ලබ්ඩබ්......එතන්ට යත්දිත් ටිකක් පරක්කු වෙලා...ටිකට් අරගෙන ඇතුලට ගියාට මෙලෝ දෙයක් පේන්නෙ නෑ....අව්වෙ ඉඳලා ඇවිත් නිසා.....
ශීට් ෆුල්..චන්දි බලපං ඔතන ඉස්සර කවුරුත් නෑ වගේ....අපි තුන්දෙනාට එකටම ඉඳ ගන්නත් ඕනෙ නිසා මම කීවා....
එක පාරටම යටිගිරියෙන් හූවක්...... මොකද බං ...මිනිස්සුන්ට ඒක ඇහුනේ නෑ ෆිල්ම් එක පටන් ගන්න ඇඩ් යන හින්දා...
තනි ශීට් එකක ඉඳගෙන හිටපු මනුස්සයෙක්ගේ කකුල්දෙක අතරට චන්දි අත දාල ශීට් එකෙ ඉඩ තියනවද බලන්න .එකපාරට උනුදේ හිතා ගන්න බැරිව ඒ අහිංසක අසරණ මනුස්සය චන්දිගෙ අත අල්ලගෙන.....හැබැයි අපේ යාළුවට පෙනිල නෑ එතන කවුරුවත් ඉන්නව කියල........
සිනා සාගරයයි ...අපිට එකලඟ ශීට් හම්බුණා....පුරා පැය2.30 තිස්සෙ කිණිහිරියා මල් බැලුවා.....
ඉවර උණා......ආයෙමත් ශාන්ත දාන්ත ගැහැණු ළමෝ එළියට එන්න එනකොටම....මගේ ඇස් දෙකට පින් සිද්ධ වෙන්න දැක්කේ අති බිහිසුණු චරිත දෙකක්......
එළියට ගියෝතින්
1.මගේ ශිශ්ය නායිකා පදක්කම හෙට උදයෙන්ම අහිමි වී යාම.
2.දෙමව්පියන්ට එන්නට කීම
3.නිදහ්සට කරුණු දැක්වීම
(පාසැලට,ගෙදරට )
ෆිල්ම් එක බලපු හැමෝම එළියට යනවා......අනේ අපි හැංගෙන්න තැනක් හොයනවා..
ඇත්තටම ෆිල්ම් හෝල් එක ඉස්සරහ ඉන්නේ එහා පන්තියේ මිස්ල දෙන්නෙක්...අපිව පෙන්නත් බැරි...අපිට පේන්නත් බැරි......
ඒ බං මොකද කරන්නේ.......අපි ට දැන්නම් බයයි....ෆිල්ම් හෝල් එකට එහාපැත්තෙ තියෙන්නෙ මහජන පොල.....ඒ පැත්තට යන්න කිසිම විදිහක් නෑ......මිස්ල දෙන්න ඇතුලට ආවොත් අයෙමත් ඉස්කෝලෙ නොයන එක හොඳයි....
එකම එක තැනකින් දෙකට බෙදුණු ගේට්ටු දෙකකින් එළියට යන්න තියෙන්නෙ...ඒත් ඒ දෙකෙන්ම ගියොත් මිස්ලා අපිව දකිනවා....මම ආයෙමත් සැරයක් එහා පැත්තට ගිහින් බැලුවා සෙනගත් ටික ටික අඩුවෙනවා...
ඒයි මේ දැන්නම් කරන්න කිසිදෙයක් නෑ.එහාපැත්තේ තියන තාප්පෙන් ලැජ්ජාව පැත්තක තියලා පොළට පනින එක ඇරෙන්න....
අනේ මටනම් බෑ...ලැජ්ජවෙ බෑ බන් ....කරන්න දෙයක් නෑ..මම නම් පනිනවා..
හ්ම්ම් එහෙනම් මමත් පනිනව..ඒ චන්දි....ඒත් ආගමික භක්තිය..සමාජ තත්වය ගැන හිතල තවමත් මගේ මුස්ලිම් යෙහෙලිය අදිමදි කරනවා.
කමක් නෑ බන් අද විතරනේ මෙහෙම උනේ...පනිමු....
ඔන්න අපි තාප්පෙ ලඟට ආවා...මිනිස්සුත් ඉන්නව..කරන්න දෙයක් නෑ...අපි අඳුරන්නේ නෑ නේ...නැග්ගා අරලිය ගහට ....හිකිස්...
අය්යෝ...එදා සෙනසුරාදා දවසක් හින්දා පොලෙ බඩු විකුණන මිනිස්සු ඇවිත්( එයාලා දවසකට කලින් ඇවිත් ඉන්නවා)
අපිට ලැජ්ජාවෑ සන්තෝසෙ බෑ....
එක පාරටම තාප්පෙන් පැන්න කෙල්ල (මම දැකපු පොලෙ මුදලාලිලා බිරන් ටට්ටුවෙලා
කතා නැතිව බලාගෙන
ඊට පස්සෙ චන්දි......
ඔන්න එතකොට නම් මුදලාලිලට තෙරුනා මොකක් හරි දෙයක් තමයි කියල.....
මොකද ඔය ළමයි.....
මොනා උනත් මොකද මේක අපේ වැඩක්....(චන්දි )
ඒ මට පනින බෑ බන්....
අපි දෙන්නම ලැජ්ජාව පැත්තකින් තියල පැන්නට මගේ අනිත් යෙහෙලිය තවම අරලිය ගහේ දෙබලටයි තාප්පෙටයි කකුලක් තියාගෙන.....
හොරාට චිත්තර පටියක් බලන්න ඇවිත් අහුවෙලාද කොහෙද ....පොලේ හිටපු තවත් මිනිහෙක් කියපි....
අනේ මේ අන්කල්ගෙ වැඩක් බලාගනවද කියල අහන්න බැරි හින්ද මමත් කට පියාගෙන හිටියා..
කොහොම කොහොම හරි දඟලල ෆාරාත් පැන්නා පොලට....අම්මේ ඒ වෙලාවෙ දැනුන සනීපේ...මිස්ල හොයයි අපිව......
අපි පොල මැද්දෙන් අපි නෙවේ වගේ එළියට ආවා.....හිකිස්
ඒල කිරි කතාව අැ
ReplyDeleteහි හි මේක වාසනාවට ඇත්ත කතාවක් ....
Deleteඇති ඔයින් ගියා.........
ReplyDeleteහ්ම්ම් ඒ වෙලාවෙ හිතට ආපු එකම දේ කලාට ඒකේ බැරැරුම කම තෙරුනේ පස්සේ
Deleteෂා මරුනේ මරු කෙල්ලෝ ටික දාන්න පහක්
ReplyDeleteහි හී ,,,,,දාමු දාමු දුශ්...ඔන්න පහක්
Deleteඅම්මේ මේ අක්කිලත් කරන දේවල් :)
ReplyDeleteඇයි වර්ණා බය උනාද?
Deleteඔව් ඔව් ඔය කාලෙට නැත් නම් හයි ජම්ප් ලෝන්ග් ජම්ප් කවදා පනින්නද?......
ReplyDeleteමේ ඒක නෙවේ අපේ මෙහෙ ඉස්කෝල වල නම් ඔය වගේ ගුරුවරුන්ට භය නෑ කවුරුවත්..සර්ල සිගරට් බොනවා කොල්ලොත් යන ගමන් සර් ලගෙ සිගරට් එක උදුරන් උගුරක් බීල ආපහු සර්ගෙම කටේ තියල දුම දාගෙන යනව...මරු නේ?
හ්ම්ම් ..කිරිල්ලි ඔයා කියනදේ හරි..මමත් ඊයේ ඔය වගේම සිද්ධියක් දැක්කා..
Deleteගෑනු ළමයි තුන්දෙනෙක් ඉස්කෝලෙ ඇරිලා එන ගමන් එක්කෙනෙක් සිගරට් එකක් බොනවා කිසිම ගානක් නැතිව..unifoarm එක පිටින්ම.මට හිතෙන්නෙ අවුරුදු 14 විතර ඇති....තාමත් අපේ රටේ සදාචාරය තියන එක ගැන සන්තෝශ වෙන්න ඔඉනේ
ගවුං ඇඳං අරලිය ගහ උඩ.....එළවලු මුදලාලිට කලන්තෙ දැම්මා කියන්නේ ඇත්තද...
ReplyDeleteඅපෝ නෑ අරලිය ගහ එතරම් උසත් නෑ ..තාප්පෙන් පස්සෙ කාණුව..අපි බැස්සෙ කාණුව උඩට
Deleteඑල කතාව... අදයි බ්ලොග් එක දැක්කේ දැන් ඉතින් කොනක ඉදල කියවන්න පටන් ගන්න ඕන....:D
ReplyDeleteස්තූතී මේ පැත්තෙ ආවට....එහෙනම් හිමිහිට කියවන්නකො
Deleteමාත් අදයි ගොඩ වැදුනේ! මේ....මේ.......අහ්ම්......හ්ම්...අර ෆාරා ඉන්නවනේ!!!?? එයාට වයස කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද ?හික්ස්!
ReplyDeleteනෑ නෑ කාලෙකින් අදයි ගොඩ වැදුනේ ! :D
Deleteඑයා මගේ වයස.....
Deleteහික්ස් !!!
ReplyDeleteමට හිතාගන්න පුලුවන් මොකද්ද ඉස්කෝලේ කියල !!
sinexfo - කුරුනෑගල !!!
එතකොට ඉස්කෝලේ මොකා ??? ඔවු ඔවු ඒක තමා !!! හරියට හරි !
ඒකේ ඉන්නේ වසවර්ති කෙල්ලෝ තමා !
ඔව් ඔව් මාර භවනෙ ඉඳලා ආපු කෙල්ලො තමයි වැඩි හරියක් හිටියේ
Deleteඔයින් ගියා මදැයි අතපය බේරිලා .
ReplyDeleteඑතකොට ඔයාලත් එක්ක ගිය කොල්ලො තුන් දෙනා ? උං හෙමීට ඔයාලවත් දාල ශේප් වුනාද ? හෙහ්...හෙහ්...
ReplyDeleteහානේ ..අපි ශාන්ත දාන්ත ගෑනු ළමයි ...තනියම ගියෙ....
Deleteස්තූතී මේ පැත්තට ආවට
කොහොම තියෙන්න ඇද්ද සිනේක්ස්පෝ එකේ තාප්පෙන් ගර්ල්ස් එකේ කෙල්ලෝ තුන්දෙනෙක් අර එහා පැත්තේ පොළ ඇතුලට පන්ද්දී :D ඒත් ඔය තරම් උස තාප්පෙකින් පැන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ.
ReplyDeleteඅපරාදේ කුමාහරිහාමි මැඩම්ට නිව්ස් එක ගියේ නැත්තේ :P
Deleteඅයියෝ ඒ කාලේ ඒක ඒ තරම්ම උස නෑ..එතන වාහන පාර්ක් එකට පිටිපස්සෙ වෙල හරියට වෙන්න තාප්පෙ ටිකක් මිටියි.අරලිය ගස් වගයක් තිබුනා ..පොඩි ඒවා නෙවේ ලොකු..අපි එවට නැගල තමයි පැන්නේ...හි හී ඔයා හිතුවෙ අපේ ඉස්කොලේ ළමයිට තාප්පෙන් පනින්න බෑ කියලද??? මල්ලි...ඒ දවස්වල පිට්ටනිය වටෙට තියන තාප්පෙනුත් පනින්න අපි දන්නවා......
ReplyDeleteමම මේ කියන්නෙ දැනට අවුරුදු 10 කට විතර කලින්....හිටපු නිර්භීත ගෑනු ළමයි ගැන.....
අඳුන ගන්න ලැබීම සතුටක් සහෝදරයා .....
දෙයිහාමුදුරුවනේ මට තාප්පෙකින් පැනගන්න බැරිඋනානෙ ඉස්කෝලෙ කාලෙදි... මොකද පාරෙම හිටියෙ ගේට්ටුවෙන්ම ගිහිල්ලනෙ..හි හි... මේවගේ පෝස්ට් වලින් අතීතයට යැවෙනව... වන් මෝර් ප්ලීස්... :D
ReplyDeleteළඟදිම දාන්නම්...හී..හී......
ReplyDelete