Followers
Saturday, April 28, 2012
ආපසු යන්නට ඇත්නම් මා බාල කාලයට...................
අම්මා සමග හුරතලයෙන් පසුවෙන්න
අප්පච්චී එක්ක කෙළි දෙලෙන් පසුවෙන්න
සෙල්ලම් බත් උයා තුටින් නටමින් ඉන්න
දෙවියනි දෙනවාද වරයක් මා බාල කාලයට යන්න..............
ජීවිතයම සංකීර්ණ වී ඇත්තේ
සැනසුම සතුට තිබුණත් අඩුවක් ඇත්තේ
අතීතයට යන විට සිත දුක නැත්තේ
වරයක් ලැබුනොතින් පියඹමි සතුටින්නේ ..................
මව නැගනිය පියා සමග ගෙවු අතීතය
නැවත නො එන බව දැන දැන දුක වැඩිය
වෙල් එළි තුරු ළතාකඳු වැටි සැම තැනය
ඒ මැද තිබූ ගෙය තාමත අගනේය...........................
සිනහව සතුට සැම දින එහි තිබුණේය
අඩුවක් පාඩුවක් මට නොදැනුනි කෙදින
ආදරයයි පිරී පැවතුනේ සොඳින
සැමදින සිහිවන්නේ එය මට ආදරිණ.....
තනිව සිටිනවිට ආදරණීයයන්ගේ අඩුව දැනෙනවා වැඩිය......
සැතපුම් දසදසක් දුර සිටිමින් මම සුසුම් හෙලමි...අවුරුදු නිවාඩුවට ගොස් පැමිනිවිට වෙනදාටත් වඩා තනිකමක් මට දැනුනි............
Subscribe to:
Post Comments (Atom)
සිහි කරමි දුකෙන් සහ සතුටෙන්..
ReplyDelete''දහනමයේ ටිකට් එක ..
කොහෙද විස්සෙන් ඉතුරු රුපියල ''
ඉස්සර වගේ සටනට
නොයා උන්නෙමි කට වසාගෙන
කඩුපුල් මල් පිපුන මහ රෑක
යමුයි පන්සල් කී විට
''අපෝ මොන පන්සල්ද මේ රෑ''
නොකීවෙමි පෙරසේ එකටෙක
''කවදාද ආවේ අද හෙටම යන්නද
..මොකෝ මේ කොණ්ඩය කොට වෙලා ''
''රස්සාවක් නැතුව ඉඳගෙන
මක් කරනවද දවල් දවසෙම ''
''දැන් ඔය ඇවිද්දාමදිද
ගම රට ආවොතින් නරකද
හදාගෙන ගේ දොර
පිළිවෙලට ඉන්නේ කවදද ''
''පෙන්ෂන් ලැබෙන
ආණ්ඩුවේ රස්සාව
නැතිවෙලා යනවට
හැබෑටම දුක නැද්ද ??
සේරම ප්රශ්න පත්තර
කබඩ් වල දමා ලොක් කර
පරිප්පුයි පොතුයි එක්කම
තුනපහ හොඳින් පැක් කර
ගෙනා බඩු ඔහේ ඇත තැන තැන
කැවිලි විතරක් හෙමින් හිස් වෙන
අච්චාරු බෝතලය මත
තවම අම්මගෙ අතේ සලකුණු ඇත
''අපොයි අව්වේ සැර..
දාඩිය ඉහ කනින් බේරෙන ''
සිතෙන් සිතු එකත් වැරදිද
ලැබුණි අද මට එයට දඬුවම
අඳුරු සීතල මීදුමට බැන බැන
සිහිකරමි දුකෙන් සතුටෙන්
.......ගෙදර උණුසුම .......
දෙසැම්බර් ගෙදර ගිහින් ආවම ලිව්ව පෝස්ට් එක ඔන්න එහෙම්ම මෙතන කොපි කළා ..ආයේ වෙන මොනව කියන්නද මුතු
දුකයි කවි ටිකට. ඔයා දුර රටක කියලා අදයි දැන ගත්තේ. වැඩිය හිතන්න එපා. දැන් හැමෝම ලග වගේනේ ස්කයිප් තියෙනවා බුකිය තියෙනවා.
ReplyDeleteසතුටින් ඉන්න.
අහස උසට විහිදෙන බිල්ඩින් තනිකමට අරියාදු කරනකොට, විඩාවෙන් ඇස් කෙවෙනි නලියනකොට ගමේ ඇලක දොලක වෙලක නටපු කාලේ මතක් වෙලා ගෙදර තිබ්බ සතුට සැනසීම මතක් වෙලා ඒ දුක තවත් වැඩි වෙනවා. මටත් වාරයක් ලැබුනොතින් මමත් අතීතෙට යන්න වරමක් ඉල්ලනවා
ReplyDeleteඅපි කවුරුත් අනුන්ගෙ රටවල ඉඳන් හූල්ලනව....ඒත් අපේ රටට ගියාම අපි හිතන පතන දේවල් ඒ විදියටම ලැබෙනවද? මට නම් කලකිරීමක් දැනෙන්නෙ...
ReplyDelete