Followers

Wednesday, March 6, 2013

පැතුම් පොදිය බිම තැබුවෙමි


දිනෙන් දිනට  එකතු කෙරුව
පැතුම් පොදිය බිම තැබුවෙමි
අමාරුවෙන් තෝර ගත්ත
පැතුම් තුනක් අතට ගතිමි
අපි දෙන්නා හැමදාමත්
ආදරයෙන් කල් ගෙවන්න
සැරෑටියෙන් යනෙන තුරා
ඔබත් මමත් එකට ඉන්න
අපි දෙන්නගෙ පුන්චි පුතා
රටක් වටින පුතෙක් වෙන්න
පතනවා මම හැමදාමත්
මගේ පතුම් සඵල වෙන්න


නැවත මට අමාරුවෙන් හෝ ලබාගතයුතු කිසිමදෙයක් නැතැයි හැඟේ....

ජීවිතය මට දුක නැමැති පාඩම මුලින්ම උගන්වා සතුට සම සමව ලබා දී ඇත

8 comments:

  1. ඔයාගේ සතුට දවසින් දවස වැඩි වෙන්න කියලා හදවතින්ම පතනවා.ලස්සන පද වැලක්...

    මාත් අපේක්ෂාවෙන් ඉන්නවා ඔයා අන්තිමට කිව්වා වගේ ''ජීවිතය මට දුක නැමැති පාඩම මුලින්ම උගන්වා සතුට සම සමව ලබා දී ඇත'' කියලා කියන්න දිනයක් උදාවෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බට්ටි සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

      Delete
  2. ඔබේ පැතුම් සඵලවේවා..

    ReplyDelete
    Replies

    1. ස්තූතී නලින්...මමත් සමකය වටේ බලන්න එනවා හුඟක් වෙලාවලට කමෙන්ට් එකක් නොදැම්ම එකට අමනාප නොවේයි කියල හිතනවා

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සපල වේවා ඔබේ පැතුමන් !!

    ReplyDelete
  5. සුබ පැතුම්.. සියළු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා!

    ReplyDelete
  6. ලස්සණ කවියක්, පබළු අක්කේ. ඔයාගේ ප්‍රාර්ථනා ඒ විදියට ම ඉෂ්ට වෙන්න මම ඔයාට සුභ පතනවා!

    ReplyDelete