Followers

Thursday, October 6, 2011

ශිල්ප උගත්තෙමු නැණ ලැබගත්තෙමු.......

දිගු ජීවිත ගමනේ සොදුරු නවාතැන්පොල කොහෙද කියල ප්‍රශ්නයක් ඇහුවොත් අපෙන් අපි උත්තර දෙන්නේ එකම එක වචනෙකින් "පාසැල් කාලය"
කොයිතරම් සුන්දර පාසැල් සමයක් අපි හැමොටම තිබුනද?.කොයිතරම් බැනුම් අහල,දඩුවම් විදල  තිබුනත් කවදහරි අයෙමත් යන්න ලබුනොත් කිසිම හිතේ අමාරුවක් නැතිව ගිහින් එන්න කැමතිම තැනත් එතන...මම විතරක් නෙවේ...අපි හැමොම.............
රමණීය කුරුණෑගල නගරය "අතිරමණීය" අ "අතිඅලංකාර  උනේ අපේ බාලිකාව නිසා...ඉතින්  පුරා වසර 13 ක කාලයක් නිත්‍ය යාව ජීව ආදර්ශමත් බාලිකාවක් විම මට කෙතරම් අඩම්බරයට කරුණක්ද ?
බාලිකාව ගැන මතකයට එද්දි  ඒ හා බැදුනු අපේ සොදුරු අතිත කතා කොතනින් පටන් ගන්නද ?

පුන්චිම පුන්චි කාලේ අවුරුදු 6ක්  පිරුනම අපෙ අම්මයි  අප්පච්චි නමෝවිත්තියෙන් මාව මලියදෙව බාලිකාවට  භාර දුන්නේ "හොදට ඉගෙන ගන්න පුතේ කියල"
අනේ මන්දා ඉස්කොලෙට භාරදුන්න වෙලාව හොද නැති හින්දද,ඒ කාලෙ ඉදලම හම්බුනු යාලුවො හොද නැති හින්දද කොහෙද අම්මල කියපුම තරම් හොදට ඉගෙන ගන්න බැරි උනා...යන්තම් DIGREE  එකක් නම් ගත්ත එයාලගෙ හිත සනසන්න(එයාල හොදට ඉගෙන ගන්න කියන්නේ දොස්තර නෝනා කෙනෙක් වෙන්න එහෙමත් නැත්තම් ඉංජිනේරු නොනා කෙනෙක් වෙන්න)
අනේ ඇත්තටම මහන්සිවෙලා පාඩම් කරල කවදාවත් මං විභාගයක් ලියුවෙ නැද්ද කොහෙද?

බාලිකාවෙ අපි ගෙවුවෙ හරිම සොදුරු කෙලිලොල්  ජිවිතයක්...හරිම සැහැල්ලුවෙන්..පුන්චි කාලේ  1ක වසරේ ඉදල උසස් පෙල වෙනකල් මට තිබුණෙ මිණි කිංකිණි කටහඩක්..ඉතිං කවදා කොහොමද කියලා මතක නැති උනත් කවුරුහරි ඊරිසියාවේ බැරිව මට "ඝන්ටා" කියල නමකුත් දාලා !!!!

රණ්ඩු වෙන්න උපන් හපන්කමක් මට තිබුනා.සාම කතා බොහොම අඩුවෙන්,,, හැමදාම නැති උනත් කාලෙන් කාලෙට යාලුවො මාරුවෙනවා එ දවස් වල.හැබැයි 6 වසරට ආවට පස්සෙ ටිකක් රන්ඩු වෙන එක නැවතිලා එකම යාලුවෝ සෙට් එකක් සෙට් උනා.අපි ඔක්කොම "SEDULTEF(M)" කියලා අපේ නම් වල මුල අකුරු වලින් හදා ගත්තා කණ්ඩායමක් ...ඉතින් එ දවස්වල අපි ඉන්න පෙලියේ ඩෙස් 3යි.අපෙ ටීම් එකෙ 9යි.පෙලි 3 ඒවා 3යි.තරහා වුනොත් අපි කරන්නෙ පේලි 3න් එකකට මාරුවෙන එක.

6 වසර ඉදලා සාමාන්‍ය පෙල  වෙනකල්ම පංතියෙ හිටියේ එකම යාලුවො සෙට් එකක්.අපේ  පන්තිය "කෑ ගැසීමට උපන් හපන්  දක්වන,විනයක් දක්නට නොමැති නමුත් ඉගෙනිමට දක්ෂ,විෂය බාහිර ක්‍රියා කාරකම් සදහා පැන පැන  පංති  CUT කිරිමට කැමති..ශිෂ්‍යාවන්  සිටින තැනක් හැටියට තමයි ප්‍රසිද්ධ.

මෙතැන් පටන් පිටු කිහිපයකින්  දිග හැරෙන්නේ ඒ කාලේ රස කතා

9 comments:

  1. අභියගේ ප්‍රොමෝට් කිරීම හරහා තමයි පාර හොයා ගත්තේ....! හොඳ හොඳ කතා ටිකක් අහන්න ලැබෙයි කියලා හිතනවා. මගෙන් සුභ පැතුම්....!

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න නගෝ...! එතකොට කමෙන්ට් කරන්න ලේසියි. බ්ලොගර් එකට ලොගින් වෙලා ඒක කරන්න පුළුවන්. ඔන්න මම ඉස්සෙල්ලාම ෆලෝවර් කෙනෙක් උනා....

    ජය වේවා !!

    ReplyDelete
  3. ඔන්න මාත් ආව අභියගෙ ප්‍රචාරනය හරහා.ඔය උඩින් කමෙන්ට් කරල තියන්නෙ මේ බ්ලොග් කෙරුවාව මම ඉගෙනගත්තු බ්ලොග් එකේ අයිතිකාරයා.ඔයා මුලින්ම අභියගෙ බ්ලොග් එක කියවනකොට මම මුලින්ම කියෙව්වෙ දුමීගේ කට කහන කතා.
    ජය වේවා !!

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න
    Design > Settings > Posts & Comments > Comment Moderation ? > Never

    ReplyDelete
  4. @ දුමි & සිහින උණුසුම් පිලිගැණුමට තුති

    ReplyDelete
  5. අපොයි ඕක බාලිකාව නෙමෙයි අපි කිව්වේ වාලුකාව කියලා..... අපේ නම් ගාවන්නේ නැතුව ඕන එකක් සුමුදු...

    ReplyDelete
  6. අනේ මන්ද දැන් ඔහොම කීවට දන්නෝ දනිති...ඒදවස්වල ඔයාලගේ "සහෝදර ප්‍රේමය.......ඒ ගැනත් ටිකක් කියන්නද අභීත අයියා

    ReplyDelete
  7. අප්පට සිටි එහෙමත් එකක් තිබුනද ? කියන්නකො බලන්න මෙ දවස වල බ්ලොග් මඩවල වේලිලා. ටිකක තෙත් කරල ගත්තනම් හරි

    ReplyDelete
  8. කාලයක් මං නිතරම වගේ කුරුණෑගල ගියා.
    මලියදේවේ යාළුවෙක් මට ඇඳලා දීලා තිබුණා මුළු ටවුමේම සිතියමක් වැදගත් ස්ථාන එක්ක.
    මට තාම මතකයි අර බස් ස්ටේෂන් එකට උඩින් තියෙන හෝටලේ. මැද්දේ බිලිං ගහක් තියෙනවා.

    ReplyDelete