Followers

Wednesday, November 30, 2011

බිඳුණු පියාපත්....(5)


 ඔක්තෝබර් මස 31 දින අවසන් වරට නුඹේ ඇස් මගේ ඇස් හා එකට ගැටුණු මොහොතේ කුමක් හෝ දුක්ඛ සහගත හැඟීමකින් මගේ සිත පිරී ගියේ ඇයිදැයි අදටත් මට නොහැඟේ..............

නුඹත් මමත් පැතූ ලෝකය මෙතරම්ම ඉක්මනින් බිඳී යතැයි මා සිහිනයෙනුදු නොසිතුවෙමි.නුඹ ඔක්තෝබර් 31 වෙනි දින මගෙන් වෙන්ව ගොස් මෙලොවින් ඔබ සමුගෙන යනතුරු ම එක් දිනයකුදු නෑර මට ඇමතුමක් දුන්නේය .විහිළුවක් කොට සිනාසුණේය.විටෙක මගේ සිත සැනසුවේය.

මංගල දිනයට ඇඟිලී ගනිමින් ඉතාමත් උද්යෝගීමත්ව මටත් වඩා ඒ ගැන සැලසුම් කලේය.අපේ සිහින කෙතරම් වීද?ඇමතුමක් ගන්නා සෑම විටම මුල්වරට නුඹ මගෙන් අසනා පැනය අවසන් වතාවට අවසන් ඇමතුම රෑගෙනද ඇසුවේය."මොකක්ද අද ඇඳන් ඉන්නේ??"

නංගා තවටිකකින් Call එකක් දෙන්නම් යැයි පැවසූ නුඹ එදිනම යළි නො එන ගමනක් මටත් නොකියාම ගියේය.

මතක සැමරුම් කොහේ හෝ සිට පැමින මාගේ සිතට වේදනාවක් ම දී යන්නට යයි. දැන් මා සිතත තුල ඇත්තේ මතු සංසාර භවයක  එක් වතාවක් අපි අපේම වන්නට වරම් ලැබේවා යන්නයි.

 ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබු නුඹේ  ශරීරය  හඳුනා ගැනීමට මට කිසිදු සලකුණක් නොවුණි.එය කෙතරම් වේදනා සහගත හැඟීමක්ද ??????

2 comments:

  1. මේක ඇත්ත සිද්ධියක්ද???:O දෙයියනේ.. මෙහෙම දෙයක්නම් කාටවත් වෙන්න එපා. ඇඟ හිරි වැටිලා ගියා...:'( දුකයි... සංවේදීයි....:(

    ReplyDelete
  2. මේක ඇත්තම ඇත්ත සිදුවීමක් මගේ ජීවිතයට උණු.... හිතුවක්කාරී,,,,,,

    ReplyDelete