Followers

Monday, January 30, 2012

ඔබේ සිනා ළඟ නෙතු නැවතුනුදා..ඔබේ කතා ළඟ මුව ගොළු වූදා ප්‍රේමය හැඳින්නෙමි........(15)

(බිඳුණු පියාපත්)



කිසිදා අමතක නොවෙන ආකර්ෂනීය හිනාවක් සමග ඔබේ මුව මඩල දුටු මට කතා කිරීමට අමතක විය.
නගින්න.....

දෙවරක් නොසිතා මම රියට නැගුනෙමි.අපි කොහෙද යන්නේ ?..ම්ම්ම් යමුකො...

එතැන් පටන් මගේ කටට නිවනක් නොවුනි....ඔබ සිනාසෙමින්  ඒ කතා අසමින් සිටියේය......

අප බොහෝ දෑ කතා කලෙමු.....නුඹ මා සමගම අවුත් මගේ නවාතැනෙන් මා බස්සවීය.ඔයා මොනාද රැට කන්නේ? මං ගෙදරින් කෑම එකක් ගෙනාව.
ඒක මට දෙන්න....ඔබේ සරලකම මා දුටුවේ එදිනයරාත්‍රියේ මා නුඹ ඇමතුමක් දෙතැයි බලාපොරොත්තු වුවද ලැබුනේ එස්.එම්.එස්.එකකි....VERY TASTY.......
එහි සඳන් වී තිබ්නි.

දින දින ගෙවී ගොස් ඊළඟ සතියේ ඉරිදා දිනය උදාවිය..නුඹ නැවත මට ඇමතුමක් දුන්නෙය...සුමුදු...අද මේ පැත්තෙන් එනවද? සිතන්නට යමක් නැත....හා.. මම පිළිතුරු දුනිමි

නැවතත් මම මීගමුවට තනිව පැමිනියෙමි....

 අපි මීගමු සුන්දර මුහුදු තීරයේ ඇවිද ගියෙමු....ඔබ කඩවසම්ය... මා ඔබට වශීවී ගොස්ය....



මතකය කෙසේ අමතක වේද?

දින සති මාස ගෙවීගියේ අප නොදැනිමය.නුඹට මමත් මට නුඹත් නොදැක සිටීමට අපහසුවූයේ එලෙසටය.
 තවත් ඉරිදා දිනකි...සුමුදු මම ගම්පහ STATION එකේ ඉන්නවා.ඔයා බහින්න.මරදානට ප්‍රවේශපත්‍රයක් රැගෙන තිබුනද මම ගම්පහින් බැස්සෙමි.සිනාව රැඳි නුඹ මා ඉදිරියේය.

අපි නමක් නොදන්නා මුහුදුවෙරලකට ගියෙමු...හිරු බසිනා තුරු අප කතා කලෙමු..

ප්‍රථම වතාවට නුඹ මගේ අතින් අල්ලාගත්තේ මගේ සිත සතුටින් දෝරගලා යත්දීය...කියන්නට වදන් මට තිබුනේ නැත.

 අපි ආපසු එන්නට හැරුනෙමු.....නිහඬ බව අප දෙදෙනා තුලම විය...

තවමත් අපි පෙම්වතුන් නොවෙමු.....නමුත් දැන් නම් මට මිතුරුකම එපාවී සිටියෙමි..... මේ සරල,ගුණගරුක,කඩවසම් ,මිතුරා... මගේ පෙම්වතා වන්නේ නම්......

ඇයි      ---  අපි හම්බවෙන්නේ?? මගෙන් පැනයකි....
නිහඬ බව බිඳ දමා

ඇත්තටම

මම ඔයාට ආදරේ නිසා..........

සතුටින් උඩපනින්නට හැකියාවක් තිබුනානම්...ලොවට ඇසෙන්නට කෑ ගසා කියන්නට හැකියාවක් තිබුනානම් සත්තකින්ම මම එය කරමි.නමුත් මද සිනාවකින් මගේ සිතේ අපමන සතුට  විඳ දරාගන්නට මට සිදුවිය..

වචන වලට එම සිදුවීම පෙරලන්නට දැනුදු මා අපොහොසත්ය......සුන්දරම සුන්දර වචන පේලිය.... දැනුදු මට ඇසේ

9 comments:

  1. අනේ හ්ම්ම් අතීතය මතක් වෙනවා

    ReplyDelete
  2. හ්ම්ම්ම්....අතීතය මතක් වෙද්දී අනේ ඒ අතීතයට ආයෙමත් කොහොමහරි ගිහින් එන්න පුළුවන්නම් කියල හිතෙනවා නංගි...ඒත් ඒ අතීත සිදුවීමවලට් වර්ථමානයෙදි පණ දෙන්න අපට බෑ...අපි වෙන මගක යන නිසා.....

    ReplyDelete
  3. හිත හිත ඉන්නේ නැතුව අක්කා කියලා දාන්න නේ තිබ්බේ. ඕන දෙයක් වෙද්දෙන් කියලා. හික්ස් :)
    මේ කතාවේ ඉතුරු ටික ලියවෙනකන් නොඉවසිල්ලෙන් පසු වේ.

    ReplyDelete
    Replies
    1. http://muthupabaluwal.blogspot.com/2011/11/blog-post_19.html
      මෙතනින් බලන්න් මුල ඉඳල....


      හිකිස්....එහෙම කිව්වනම් සාන්ත දාන්තව හිටිය මට හොඳ නෑනෙ..............

      Delete
  4. දැන් වෙන මගක යන ඔයා ඒ මගේ දිගටම සතුටින් යන්න...අතීතය මතක් කරලා හිතට වද දෙන්න එපා...මැරුනු අතීතය ආයෙ එන්නෙ නැහැ..මේක ලස්සන කතාවක් දිගටම ලියන්න කියන්න මගෙ හිත ඉඩ දෙන්නෙ නැහැ අවංකවම......

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...මං පිලිගන්නව කිරිල්ලි ඔයාගේ කතාව...ඒත් හදවතට බැඳුණු අතීතයක් හිතේ තියාගෙන ඉන්නකොට මට හිතුනෙ ලියන්න.ඒ අතීතය ගැන කවුරුත් කතාකරන්නේ නැත්තෙ හැමෝටම දුක නිසා...මටත් ඒ ගැන හිතේ තියාගෙන ඉන්නවට වඩා ලියන එක හොඳයි කියල හිතුනා......

      මං වෙන මගක යනවා සතුටින්...නමුත් අතීතය අමතක කරන්න බෑ ...

      Delete
  5. මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
    වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...

    ReplyDelete
  6. බ්‍රවුන්ස් බීච් වෙන්න ඇති නම නොදන්න එක... සුන්දර හමුවීමක්...

    ReplyDelete
  7. දන්නේ නෑ ...වත්තල පැත්තෙ

    ReplyDelete