Followers

Tuesday, February 21, 2012

රැගෙන එමි මම නුඹව

නොසිතුවෙමි මම
කිසිදු දිනයක
ඔබෙන් වෙන් වී
තනිව යන්නට

දෑත් පටලා
ඔබත් සමගම
පිය මනින්නට
 බලා සිටි සඳ

මත සැමරුම්
මා වෙලාගෙන
අනන්තය වෙත
රැගෙන යයි සිත

දවයි හදවත, පෙළයි මා සිත
තනිකමින් මා දැවෙයි  සැමදින
නුඹට පෙම් බැඳි සිව් වසර තුල
මතක සැමරුම් මහමෙරක් විය

සිතට නොහැඟේ
හදට නොහැඟේ
මුදා ලන්නට
 මගේ තනිකම

එක් වතාවක්
නුඹ දකින්නට
වරම් ලැබිනොත්
ඔබේ ලොව මට


රැගෙන එමි මම
 මගේ ජීවය
පුදා ඔවුනට
ඔබව මෙලොවට


ප/ලි
වර්තමානයට කිසිසේත්ම සම්බන්ධ නැත.අතීත මතකයක දුක්බර ව සිටි මොහොතක අතීතයෙදීම            ලියැවුනකි.

10 comments:

  1. සිතට නොහැඟේ
    හදට නොහැඟේ
    මුදා ලන්නට
    මගේ තනිකම
    මේ ටික නම් හුගක් හිතට දැනුනා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.. බට්ටි...කාලයකදි විඳපු තනිකම ආයෙමත් කවදාවත් මට දැනෙන්න එපා..

      Delete
  2. අද දුක හිතෙන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන සත්‍ය සිදුවීමක්.....

      Delete
  3. එහෙම කරන්න පුලුවන් කමක් තිබුනා නම්..කවි සිතුවිල්ල ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔව් කිරිල්ලි.....ඒත් එහෙම කරන්න බෑනේ....නේද?

      Delete
  4. හ්ම්ම් ගොඩාක් සංවේදී.
    සිතට නොහැඟේ
    හදට නොහැඟේ
    මුදා ලන්නට
    මගේ තනිකම
    ගොඩාක් හිතට දැනුනා

    ReplyDelete
    Replies
    1. හිතට ඇත්තටම දැනෙන දේ වර්ණා

      Delete
  5. මග දමා යනු බැරි මතක
    අරන් යමු අපි
    සඟවා රන් පැසක
    හදවතේ ගැඹුරුම තැනක

    කොයිතරම් බර වුනත්
    හදවතට
    විසිකරනු බැරි මතක
    කොයිතරම් සිරවී ඇත්ද
    සිනාවෙන හඬන
    ලස්සන මුහුණු යට

    ReplyDelete
    Replies
    1. මග දමා යනු බැරි මතක
      වැලපෙයි මසිත තුල තවම
      හදේ ගැඹුරුම තැනෙක

      මම යනෙන හැම තැනම
      මතක යයි මා සමග
      කෙතරම් බර වුවත් මට
      දමා යන්නට නොහැක මහමග

      පෙනෙන්න්ට ලොවට
      කෑ ගසා සිනා සෙමි තුටින
      සිතන්නෝ දකින්නෝ
      සතුටුවෙති
      නැතැයි මතක අතීතය

      සුන්දර අතීතය
      දුක්බර වීය මට
      පැමිණි හිත් පිත් නොමැති
      "මරු" නිසා මට...........

      Delete