ජීවිතය හරි පුදුමාකාරය විටෙක සැනසුම බිංදුවකුදු ඉතිරි කිරීමක් නොමැතිව උදුරාගන්නේය.තවත් විටක එපා නොකියන්න තරමේ සැනසුමක් සිතට ළඟාකරදෙන්නේය.
ආදරය නිසා මා බොහෝ වේදනා ප්‍රිය විප්රයෝගය නිසා විඳ ඇත්තෙමි.නමුත් ඒ ආදරය නැතිවී ගිය පසු නැවතත් පෙරලා මට දැන් ලැබෙන ආදරය අසීමානතිකය.මම ආදරය විඳිමි..නමුත් කිව නොහැකි නොතේරෙන අඩුවක් මගේ සිතට දැනේ.එය ආදරය සම්බන්ද දෙයක් නොවේ.....මව පියා නැගනිය හා සම්බන්ධ දෙයකි.ඔවුන් දක්නට නොමැතිව මම මෙතර්ම කාලයක් සිට නැත්තෙමි...
මා දන්නා දා සිට තනිකම මා අසල නොසිටියේය...සෑම විටම කෙළිදෙලෙන් ගත කරනා චරිතයක් වූ මා මෙසේ දැන් සිටිනා ජීවිතය මටම එපා කරවයි.....
මෙහි පැමිණ මා ලැබුවේ හොඳ ස්වාමියෙකු පමණි.......
උදෑසන සිට රාත්‍රිය දක්වා තනිව ගෙවන මේ ජීවිතයත් ලංකාවේ ගෙවූ සුන්දර ජීවිතයත් අතර පරතරය කෙතරම්ද???
නැවතත ඒ සජීවී ලොවට යාමට ගතවන කාලය මම සැමදිනම ගනන් බලමි.
ජීවිතයේ සැහෙන කාලයක් ගෙවා ඇත්තෙමි.එය මතක සාගරයකි.කුඩා කාලය,පාසැල් සමය,විශ්ව ව්ද්‍යාලය,කාර්යාලය,අමතර ඉගෙනුම්,, මේ සෑම දෙයක් සමගම බද්ධ වී තිබුණු ඒ අතීතය මේ අජීවී ලෝකයට වඩා සුන්දර යයි හැගුනු වාර අනන්තය...
සති අන්තය තෙක් මම ඉන්නේ ගෙදර බලා යන්නටය..නමුත් දැන්......වසරක් දෙකක් මග බලා ඉන්නට සිදුවීම ,,,,???
කවුරුන් කෙසේ උපහාසයට ගත්තද අපේ බිමේ , අපේ අයගේ අගය දැනෙනේ අපි එයින් නික්ම ගිය පසුවය...
පෙර සුර ලොවකයි සිතා යන්නටම පොරබදා මෙහි ආ මම සුර ලොවක සිටින බව දනිතත් එහි අගය දනිතත්.......ඊටත් වඩා මගේ රටට යන්නට ආසාවෙන් සිටිමි.....
නමුත් මෙය පුද්ගලයාගෙන් පුදගලයාට වෙනස් විය හැකිය.......
ඒක හරි.
ReplyDeleteගොඩක් කට්ටියට අපේ මවුබිමේ අගේ තේරෙන්නේ රටින් ගිය දාට. මේක සුරපුරයක් !
ඒ සුරපුරය වන්සන්නේ අපේ පාලකයෝ කියලා කියාගන්න එවුන් !
සහතික ඇත්ත මල්ලි
Deleteලංකාවෙන් ආපු ගොඩක් දෙනෙක්ට දැනෙන හැගීමක් ඕක... මේ මම උනත්... ඒ සුර ලොව අපිට වෙන කොහෙන්වත් ලබන්න බෑ.. ආයෙම හිත ඒ පැත්තට අදින්නේ අන්න ඒ නිසා..
ReplyDeleteඒ ඇත්ත මල්ලි...අපි අපේ රටට අඩිය තියද්දිම හිතට දැනෙන්නේ අපේම හැඟීමක්...මේ රටේදි දැනෙන ආගන්තුක හැඟීම නෙවේ
Deleteඅනිවාර්යයෙන්ම... රටින් පිට වෙලා ඉන්න 90% ශ්‍රී ලාංකිකයන්ගෙ හැඟීම ඕක තමයි...
ReplyDeleteඒ උනාට ලංකාවෙ ඉන්න කුහකයොන්ට පේන්නෙ අපි මේ කියන කතාව නයි ඇරීමක් කියල.....
Deleteපහු ගිය දවස් වල මටම කිව්ව දේවල් දැක්කෙ නැද්ද..ඉන්න බෑ ඉන්න බෑ කියනවලු ඒත් එන්නෙත් නෑලු කියල අර ටිකක් හිනා වෙන්න කියන ලොකු මහත්තය කියල තිබ්බ..මිනිහගෙ පවුල පිටින් දරුවොත් එක්ක පිටරටක පදිංචි වෙලා උන්න නම් අවුරුදු 21 ක දුවෙකුව ලංකාවට තනියම එවාවිද දන්නෙ නෑ තනියම ජීවත් වෙන්න කාත් කවුරුත් නැතුව...
අපි අපේ අයගෙන් වෙන්වෙලා අපේ දේවල් වලින් දුරස් වෙලා අනුන්ගෙ රටවල හැම දෙයක්ම අනුන්ගෙයි කියන හැඟීමෙන් මේ රටවල මානසිකව විඳින දුක දන්නෙ අපි විතරයි..ඒක කුහකයින්ට තේරෙන්නෙ නෑ...උන් ඒකෙනුත් ආතල් එකක් ගන්නව අපේ හැඟීම් එක්ක විහිලු කරල මඩ පාරවල් ගහල අනේ නොදකින්....
ඒක තමයි කිරිල්ලි... මම කීවේ මේ හැඟීම පුදගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන් කියල.
Deleteබහුතරයක් අපේ රටට යන්න කැමතී නමුත් මෙහෙ ලබන සැපසම්පත්,මුදල් අනුව අළුත් ජීවන රටාවක් අපේ රටේ ගොඩ නගා ගන්න බෑ.
කියන අයට කොහොම කියන්න බැරිද?
එයාලට අපි කියන දේවල් නයි වගේ පෙනෙන්නෙ හීනමානය නිසා ..ගනන් ගන්න එපා.....(ඔයාට මම face book request 1 දැම්මා)
ඔව් තරූ....ඒක ඇත්ත
Deleteසුම්මා ඔක්තෝබර් මාසෙන් පස්සෙ ඔයා මේ පැත්තවත් බලන එකක් නෑ. ඒක නිසා මේ දවස්වල ලියන්න. :D පොර ආවම මොනවත් ලියන්න වෙන්නෙ නෑ ඌ කැගහයි යකෝ මම ඇවිල්ලත් මෙයා බ්ලොගේ බදාගෙන කියල. :D
ReplyDeleteහි හී බලමු බලමු සංජු..හැබැයි වැඩ වැඩි වෙයි ......
ReplyDeleteරස්සාවල් නිසා එනවා . ළමයි ලෝකේ වෙද්දී මේ ජාත්‍යන්තර අධ්‍යාපනයට යොමු වුනහම ආයේ අපේ ඉස්කෝලවල ක්‍රමේට හැඩ ගැහෙන්න අමාරුයි . එතකොට හිතනවා ඒගොල්ල ඉගෙන ගෙන ඉවර වුනහම යනවා කියල . ඔන්න ඔයවගේ හේතු නිසා යාගන්න බැරි වුනත් අපේ රට කියන එක අමතක වෙන්නේ නැහැ . මොන ප්‍රශ්න තිබුනත් රට ඒකට පලි නැහැනේ . අනික වෙනස් වන ලෝකයේ අපිටත් විවිධ වෙනස් වීම් වලට මුණ දෙන්න වෙනවා . එහමයි කියල උපන් රට අමතක වෙන්නේ නැහැ . කොයි වෙලේ හරි යන්න වුනොත් එයටත් මන් නම් අකමැත්තක් නැහැ
ReplyDelete'' හෙළ දෙරණේ කඳුල සුසුම සිනහව සොම්නස මගේය ..
මා ගයනා මේ ගියේ උරුමය මා දිනු රටේය ...''.මන් ආසම සින්දුවක්