Followers

Wednesday, August 15, 2012

ළබැඳි යෙහෙළියේ


අනාගතයේ එක් දිනක
කොහේදී හෝ කම් නැත
දයාබර යෙහෙළියේ
හමුවන්නට ආසයි මට නුඹව
අතීතය සිහිනයක් වුවත් දැනට
අනාගතය තවමත් අපට ඇත
දනිමි මම
අගය
අපේ වටින මිතු දමේ
මිල කල් නොහැක්කේමැයි
එය
මට කිසිදු දින
ඔබෙන් ලද පන්නරය
වීය මට පහන් ටැඹ
සදා ණයගැතිය මා
ඔබෙන් ලද ඔවදනට
දූකින් සංවේගයෙන්
හඬන විට දිවා රෑ
ඔබයි මා ළඟට වී
හිත හැදුවෙ සැමදා
නොවේ අමතක කෙදින
එය මෙමට කිසිදා
පතමි ඔබ යනෙන මග
වාසනා මල් සැමදා

එදා මෙදා තුර මට හමු වූ අපූර්වතම මිතුරිය ඇය.පාසැල් වීයේ සිට මේ දක්වා.....අපි එකම නවාතැනක දුක,සතුට,සම සමව බෙදාගනිමින් ගතකරපු ඒ සුන්දරම කාලය නැවතනම් එන්නේ නෑ...ඒත් මතකය සුන්දරයි.....

10 comments:

  1. මිතු දම් පවති ලොව සැමදා....

    ReplyDelete
  2. ඔව් මල්ලි......හැමදාටම

    ReplyDelete
  3. හොඳ යාලුවෙක් හැමදාම ලඟින් ඉන්නවා..දුරස් උනත් හිතේ හැමදාම.....

    ReplyDelete
    Replies
    1. ඔව් කිරිල්ලි .....හැමදාටම.....ආයෙත් ඒ කාලයට යන්න තියනවනම් මම ඇත්තටම ආසයි

      Delete
  4. ජිවිතේ හැම දාටම මිතුදම් ඉතුරු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හැමදාටම හොඳ මිතුදම් පවතිනව මල්ලි.ස්තූතී මේ පැත්තෙ ආවට කාලෙකින්

      Delete
  5. එනවාද මිතුරියේ සසරමඟ තව වරක්..!
    අවංක මිතුදමට ලස්සන සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී නන්දු.....ආයෙමත් කවදා හරි ඒ ලස්සන අතීතය හැබෑවක් වෙනවනම් මම කැමතී

      Delete
  6. ඉස්කෝලේ පින්තුරයක් මුණු පොතේ දැකල ඒකට පොඩි කවි කෑල්ලකුත් ලියල අතිතානුස්මරණයේ ඉන්න ගමන් මේ ආවේ. මන් යාළුවො ගොඩක් ඉන්න මනුස්සයෙක් . ඒ වුනත් හදවතේ ලොකු ඉඩක් වෙන්කරපු අය ඉන්නේ කීප දෙනයි . හදවතේ ඉඩකඩම් බෙදල දෙද්දී සමහර අයට අක්කර ගණන් හම්බ වෙනවා . එහෙම අක්කර ගානක් ලියා දීපු යාළුවො කීපදෙනා දැන් ලෝකේ පුරාම . ඒ හන්දා මගේ හදවතත් ලෝකේ පුරාම . කවදාවත් හමු වුනත් නැතත් ඒ ඉඩ එහෙමමයි. මුතු දැක්කේ කාලෙකින් .

    ReplyDelete
  7. කාලෙකට පස්සෙ ආවෙ බින්දි....කමදාකවත් හමු උනේ නැතත් ඒ යාළුවො හැමදාම ඉන්න එක හිතට සතුටක්

    ReplyDelete