අනාගතයේ එක් දිනක
කොහේදී හෝ කම් නැත
දයාබර යෙහෙළියේ
හමුවන්නට ආසයි මට නුඹව
අතීතය සිහිනයක් වුවත් දැනට
අනාගතය තවමත් අපට ඇත
දනිමි මම
අගය
අපේ වටින මිතු දමේ
මිල කල් නොහැක්කේමැයි
එය
මට කිසිදු දින
ඔබෙන් ලද පන්නරය
වීය මට පහන් ටැඹ
සදා ණයගැතිය මා
ඔබෙන් ලද ඔවදනට
දූකින් සංවේගයෙන්
හඬන විට දිවා රෑ
ඔබයි මා ළඟට වී
හිත හැදුවෙ සැමදා
නොවේ අමතක කෙදින
එය මෙමට කිසිදා
පතමි ඔබ යනෙන මග
වාසනා මල් සැමදා
එදා මෙදා තුර මට හමු වූ අපූර්වතම මිතුරිය ඇය.පාසැල් වීයේ සිට මේ දක්වා.....අපි එකම නවාතැනක දුක,සතුට,සම සමව බෙදාගනිමින් ගතකරපු ඒ සුන්දරම කාලය නැවතනම් එන්නේ නෑ...ඒත් මතකය සුන්දරයි.....
මිතු දම් පවති ලොව සැමදා....
ReplyDeleteඔව් මල්ලි......හැමදාටම
ReplyDeleteහොඳ යාලුවෙක් හැමදාම ලඟින් ඉන්නවා..දුරස් උනත් හිතේ හැමදාම.....
ReplyDeleteඔව් කිරිල්ලි .....හැමදාටම.....ආයෙත් ඒ කාලයට යන්න තියනවනම් මම ඇත්තටම ආසයි
Deleteජිවිතේ හැම දාටම මිතුදම් ඉතුරු වෙනවා..
ReplyDeleteජීවිතේ හැමදාටම හොඳ මිතුදම් පවතිනව මල්ලි.ස්තූතී මේ පැත්තෙ ආවට කාලෙකින්
Deleteඑනවාද මිතුරියේ සසරමඟ තව වරක්..!
ReplyDeleteඅවංක මිතුදමට ලස්සන සිතුවිල්ලක්..
බොහොම ස්තූතී නන්දු.....ආයෙමත් කවදා හරි ඒ ලස්සන අතීතය හැබෑවක් වෙනවනම් මම කැමතී
Deleteඉස්කෝලේ පින්තුරයක් මුණු පොතේ දැකල ඒකට පොඩි කවි කෑල්ලකුත් ලියල අතිතානුස්මරණයේ ඉන්න ගමන් මේ ආවේ. මන් යාළුවො ගොඩක් ඉන්න මනුස්සයෙක් . ඒ වුනත් හදවතේ ලොකු ඉඩක් වෙන්කරපු අය ඉන්නේ කීප දෙනයි . හදවතේ ඉඩකඩම් බෙදල දෙද්දී සමහර අයට අක්කර ගණන් හම්බ වෙනවා . එහෙම අක්කර ගානක් ලියා දීපු යාළුවො කීපදෙනා දැන් ලෝකේ පුරාම . ඒ හන්දා මගේ හදවතත් ලෝකේ පුරාම . කවදාවත් හමු වුනත් නැතත් ඒ ඉඩ එහෙමමයි. මුතු දැක්කේ කාලෙකින් .
ReplyDeleteකාලෙකට පස්සෙ ආවෙ බින්දි....කමදාකවත් හමු උනේ නැතත් ඒ යාළුවො හැමදාම ඉන්න එක හිතට සතුටක්
ReplyDelete