Followers

Tuesday, August 21, 2012

දුම් වැටි උරලා

මං පුංචි කාලෙදි දැන් වගේ නෙවෙයි .ගොඩක් කටකාරයිලු.කටට එන දේ තැන නොතැන බලන්නේ නැතිව ඔහේ කියල දානවලු..........

ඒ දවස්වල මට යන්තම් අවුරුදු 3-4 විතර ඇතිලු මේ සිද්ධිය වෙද්දි......

අපේ අප්පච්චිට  නතර කරන්නම බැරි සෞඛ්‍යට අහිතකරම නරක පුරුද්දක් තිබුණ .
ඒ දුම් පානය.....

 අම්මා කොයිතරම් කීවත් අපි කොයි තරම් කීවත් සදහටම අමද්යප වෙලා හිටපු අප්පච්චිව දුම් පානයෙන් නම් වලක්වන්න බැරිඋණා..

දවසක් මම අප්පච්චිත් එක්ක කුරුණෑගල නගරයට ගිහින් තිබුණා.මේ සිද්ධිය මට මතක නෑ..මතක් කලෙත් අප්පච්චි මේ ළඟදි දවසක...
 අපේ වැඩේ කරගෙන අප්පච්චි මමයි බස් එකට නැග්ගලු.හිස් සීට් එකක මාව ඉන්දවල බස් එක යන්න තව වෙලා තිබුනු නිසා අප්පච්චි බැහැල ගිහින් මාවත් පේන හරියෙන් හිටගෙන ගත්තළු සිගරැට් එකක් බොන්න.
 මේ වැඩෙට කොහොමත් මම අකමැතීනෙ...

මම බස් එකේ ජනේලයෙන් ඔළුව දාලා අප්පච්චි දිහා බලාගෙන බස් එකේ ඉන්න අයටයි  වෙන බස් වලට නඟින්න ඉන්න අයටයි ඇහෙන්නම මෙහෙම කීවලු
" දුම් වැටි උරලා......
පිළිකා හැදිලා..... ...
අකාලයේ ඇයි මරු වෙත යන්න හදන්නේ...............

 දැන් බස් එකේ ඉන්න මිනිස්සු බලනවළු මේ පුන්චි ළමයා කාටද මේ සින්දුව කියන්නෙ කියල....අප්පච්චිට පොලව පලාගෙන යන්න හිතුනලු...ඒත් එයා අහුනෙ නෑ වගේ එතනම ඉඳල බස් එකට නැග්ගලු යන්න හදද්දි
ළඟ හිටපු ඇන්ටි කෙනෙක් තව ඇන්ටි කෙනෙක්ට කීවලු"අර බබා සින්දුව කිය්ල තියෙන්නෙ එයාගෙ තාත්තටමනෙ ඒත් ඒ මනුස්සය ඒක ගානකටවත් ගත්තෙ නෑනෙ කියල..

 අප්පච්චි ලැජ්ජාව වහගන්න ගත්තලු පත්තරේ කියවන්න,,, මම ජනේලෙන් පාර දිහා බලාගෙන තවත් දේවල් කියව කියව ආවලු


7 comments:

  1. ඉතින් ඊට පස්සේ සිගරට් බීම නවත්තලා දැම්මද ?

    ReplyDelete
  2. පිස්සුද ??? ඊට බොහෝම කාලකට පස්සෙ එයාටම හිතිලා නැවැත්තුව

    ReplyDelete
  3. කටකාර කෙල්ල මරු වැඩ කරන්න ඇති ඒ කාලෙ......

    ReplyDelete
    Replies
    1. කරපු වැඩ නම් කියල වැඩක් නෑ තරූ. දවසක් ගෙදර වත්ත පහල එගොඩ වෙන්න තියන ඒදණ්ඩ උඩට ගිහින් "මම පනිනවා කියල පැන්න.ඒකනම් මට ටිකක් විතර මතකයි.ඔළුව යටට හිටින්න කකුල් උඩට වැඩි වතුරක් තිබ්බෙ නැති හින්දා බේරුනා.හැබැයි ඒ වෙලාවෙදි නම් අප්පච්චි හොඳ පාරවල් ටිකක් දුන්න වැටිල්ල දෙපිටින් යන්න

      Delete
  4. අපේ තාත්තටත් කොච්චර කිවුවත් නවත්තන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අපි කීවට බෑ,,, එයාලටම හිතෙන්න ඕනෙ..පහුගිය කාලෙක එයාටම හිතිල නැවැත්තුවා...

      Delete
  5. මම අපේ තාත්තගෙ සිගරට් එකක් හොරකම් කරන් බොන්න ගිහින් අහු උනා..ගුටි කෑව ගමකට.....

    ReplyDelete