Followers

Monday, November 12, 2012

අම්මාගෙන් ලැබූ කවිය...............

අභිසෙස් ලබා
මව් පදවිය
දිනුවා දිරිය දියණියක් ඔබ ලොව
නැගුණා සතුටු කඳුලු
නෙත් කෙවෙනි අග
පිපුණා ඉඳුවර පුෂ්පයක්
දසත සුවඳ විහිදුවමින්
පිඅ පදවිය ලැබූ
ඔබෙ සැමියාත්
මව් පදවිය ලැබු ඔබත්

රට , දැය සමය වෙනුවෙන්

එක් යුතුකමක්
ඉටුකලා සේ
දැණුනා
මගෙ හදවතට ♥ ♥ ♥
_____අම්මා & අප්පච්චි ______
(අම්ම මේක ලීවෙ පෙරේදා :) )

 කියවා හිතට දැනුනු දුක අපමණය....සැතපුම් දස දහස් ගනනක දුරක සිටියත් මට ඔබේ සුවඳ දැනුනි....ඔබේ අගය දැනුනි.....ඔබ මා වෙනුවෙන් විඳි දුක අපමණ යයි හැඟුනි....

2 comments:

  1. පුංචි පවුලටම තිසරණ සරණයි. ඒ වගේම නිදුක් නිරෝගී චිරජීවණය පතනවා.

    ReplyDelete
  2. ''මුහුදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා''

    ReplyDelete