Followers

Thursday, November 15, 2012

විරුවෝ නොමැරෙත්

මුනු පොතේ  අද දැකපු  පිංතූරයක්  නිසා  මගේ හිතුවිලි අතීතයට ගියා......
මට හමු වූ සොඳුරු මිනිසා නුඹ.....
ජීවිතය අනපේක්ශිතව ගව් ගනණක් දුර අගාදයකට ඇද දැමුව ඒ අවසනාවන්ත සිදුවීම...නැවත හිත හදා ගෙන ජීවිතය ගොඩනගා ගැනිම.....
නුඹ හා සමානම සොදුරු මිනිසෙකු නැවත  හමුවීම...

රෙහාන්  නුඹ අපේ කාලයේ වීරයෙක්..ගුවන් පැය 2000 කට අසන්න ප්‍රමාණයක් සැරිසරා..රටේ එකීයභාවය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කල නිර්භීත ගුවන් නියමුවෙක්.
2009 වසරේ නොවැම්බර් මාසයේ  එක මූසල සිකුරාදාවක නුඹ අපට නොකියාම යන්න ගිහින් තිබුනා........mi 24 ගුවන් යානයේ හදිස්සියේ ඇතිවු කාර්මික දෝෂයක් නිසාවෙන්.......(අපට දැනගන්න ලැබුනෙ එහෙමයි.නමුත් අතුරු කතා ගොඩක් ඒ සිදුවීම වටා ගෙතිල තිබුනා ඒ මට දුන්න අවසන් ඇමතුම නිසා)


ලකඹරේ පසුතැවුම

නුඹට මතකද මපුත
නම වසකට ප්‍රතම
නුඹ මගේ ඇකයට ආ...පලමු දින
සතුටු වුනි මම...තවත් විරුවෙක්
දායාද වු බවට ලක් අඹර වෙත......
යුද ගිනි දල් මැදින් ගුවන අරාවට....
නුඹේ විස්කම් දැක පැහැදුනෙමි...
සතුටු වූයෙමි...
ගුවන පුරාවට මගේ දරුවන් බොහෝමැයි අද
එත්  මා පුත ලබන්නට නොහැක
අහිංසක නුඹවන්  පුතෙක්  යලි
බද්‍රකල්පය පුරාවට මට.........
නුඹේ නෑසියන් ..නුඹේ ලබැදියන්..
ශෝකයෙන් භරිත වී බලයි මා දෙස ......
දෑත් දිගු කරමින් .....
බලන් මා පුත කඳුලු හංගා සිනාසෙමි මම....
සිතුනි නම් මට....
දැනුනි නම් මට....
එවන් විපතක් එදින.....
එවන්නෙමි මම අසනි වලාවක්
බුත්තල නුබ ගැබට..
පමා කෙරුමට නුඹේ අවසන් ගමන........
ඇකයෙන් ගිලිහුනද මා පුත...
නුඹ මගේමයි සදකාලික..........................
පැමින එක්වරක් මාවෙත
පානු මැන අවසන් ප්‍රාතිහාර්ය................


ඔබ ඉතා සරල හිත හොඳ මිනිසෙකු විය..නුඹේ  අසල්වාසියාවත් නුඹ මියෙනතුරු ඔබ  ගුවන් නියමුවෙක්

බව ට දැන සිටියේ නැත.නුඹ කෙතරම් නිහතමානිදැයි මා දැනගත්තේද එදිනය.....


මා ඔබෙන් අසන මේ ප්‍රශ්නයට ඔබ දෙන පිලිතුර මා දනිමි.....
කලගුණ නොදන්නා පිරිසකට......
තම දිවි පරදුවට තබා.....
සේවය කිරිමෙන් අවසන......
ඔබ ලැබුයේ කුමක්ද?

ඔබේ  පිලිතුර........මදහසක් සමග....... මං කලේ  මගේ රටට....ඔයා අහන දේ  හැමෝටම 
පොදුයි.

 දිනක් අනුරාධපුරයේදී වාහනය ධාවන නීති අතපසු වීමකින් කැඩූ ඔබගෙන් පොලිස් නිළධාරියෙකු හැඳුනුම්පත ඉල්ලද්දී එය දීමට ඔබ අදිමදි කලේ එය පෙන්වා ඔහුගෙන් වරප්‍රසාද ලබා ගැනීමට නොවේ, හැඳුනුම්පත නොපෙන්වීම නිසා අපට ටික වේලාවක් එතැන ගත කිරීමට සිදුවිය.ඔබේ අම්මා අන් මගක් නැති තැන ඔයා ඕක පෙන්නන්න කියා දස වතාවක් පමණ කියූ පසු එය රැගෙන ගියේ අකමැත්තෙනි....

ඔබ ආපසු ආවේ සිනාසෙමිනි....මොකද කීවේ... උඩ යන විදිහට බීම යන්න හදන්න එපා කීවා.......:)...:)

 ප.ලි

 මා දැන් සැතපුම් දහස් ගනනක් දුර රටක අළුත් ජීවිතයකය....අළුත් සාමාජිකයෙක් පසුගියදාක අප අතරට පැමිණියේය...ඔබ මගේ ජීවිතය යළි ගොඩනගා ගන්නට කොහේ හෝ සිට මට ආශීර්වාද කර සිටින බව මා තරයේ විශ්වාස කරමි......

මේ මළවුන්ගේ මාසයේ 27  වෙනිදාට ඔබ මේ ලෝකයෙන්ම සමුගෙන ගොස් වසර 03 ක් පිරෙනවා...

සොඳුරු නිහතමානී මා සබඳානෙනි......
මිනිසකුගේ ජීවිතය කොතරම් වටින්නේදැයි දන්නා ලංකාවක් යළි ප්‍රතිනිර්මානය වන යම් දවසක.....අපි ඔබගේ පැමිණීම යළි බලාපොරොත්තු වෙමු..

එතෙක් ඔබට ස්වර්ඝ රාජ්‍යයේ සුවබර දිගු නිවාඩුවක්.....


ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි වැඩක් නැතේ.................

 

10 comments:

  1. මටත් මතකයි ඒ සිදුවීම...හොඳ ජන්මයක් ඔහුට ලැබී ඇති. විරැවෝ නොමැරෙත් කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඔවුන් සදා අපේ හදවත් තුල.

    ReplyDelete
  2. රණ විරුවෝ අමරණියයි...

    ReplyDelete
  3. mewwata comment naththe ai piti load wela
    hira wela stuck wela yanna...

    ReplyDelete
  4. මොනවා කියන්නද මුතු. ඔහු මේ ලෝකෙට හොඳ වැඩි ඇති.

    '' සුවඳ මල් තමයි අකලට පර වෙන්නේ ''

    අපට මෙහෙම නම් ඔබට කෙතරම් දැනෙනවා ඇත්ද .

    ReplyDelete
  5. හිත හොඳ කොල්ලෙක් කියල අහල තියෙනවා.

    ReplyDelete
  6. මෙතෙන්දි මම මොනවා කියන්නද

    ඔට නිවන් සුව

    ReplyDelete
  7. හිරු බැස යද්දි හිරු පායද්දි සිහි කරමු අපි හඳවතින් ඔවුන්ව.
    මනසින් දිවියට

    ReplyDelete
  8. විරුවණි අද අප තුටුසේ විදින්නේ ඔබ දිවි දි රැකදුන් මව්බිම නිසයි.
    මේ ඉසව්වට ආවේ අදමයි. නියමයි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  9. විරුවන් සදා අමරණීයයි!

    ReplyDelete