අමතක උණේ නැත
මට නුඹව...
පෙරදා මෙන්ම සිතට එන
සිතුවිලි අතර
තවමත් නුඹ සිටී
දයාබර මා සබඳ
සිතන්නට එපා කෙදිනකවත්
අමතක වී ඇති බවට
මට නුඹව
කෑ ගසා හඬන්නට
අඳුරට වී ඉකිලන්න
නොහැකිවුවත්
පෙරමෙන්ම මට
මනින්නටට එපා
වියළුන කඳුලකින්
ඔබට තිබූ ආදරය
ජීවිතය තව මගෙක
යනමුත් මා රැගෙන
අතීතය එලෙසමයි
පෙර විලසටම
නුඹේ ඔය සිනාව
දුටිමි සිහිනෙන්
දිනෙක
නැවත නැවතත්
පිච්චී ගියේ මගේ හදවත
ඔබ මතක් වූ නිසාමයි නැවත...
Followers
Monday, January 16, 2012
බිඳුනු පියාපත් - හිමී- අහිමි...................(12)
දිනක් සවස් යාමයේ මගේ දුරකතනයට පැමින තිබුනේ නාදුනන අංකයකින් කෙටි පණිවිඩයකි..නාදුනන නිසා එයට මම පිළිතුරක් නොයැවිමි.දිනෙන් දින දුරකතනයේ සඳහන් වා කෙටි පනිවිඩ වැඩිවන්නට වූ අතර එහි වුයේද එකම අංකයකි.
දිනෙක එම නාදුනන පුද්ගලයා මට ඇමතුමක් දුන්නේය......
දෛවය නුඹ මට මුන ගැස්වූයේ එලෙසටය....
බෙහෙවින්ම මිත්‍රශීලි හඬක් මට ඇසුනි.
සමීපතම සුහද සහෘදයෙකු මෙන් නුඹ මමත් සමග දොඩමළු විය... එය ආගිය තොරතුරු වලට පමණක් සීමා විය....
HAY BOYS A LIKE CUNNING FOX.....I WANT TO KNW WHO A U FIRST ....
මම පැවසිමි...නුඹ මා විහිලුවකට ගෙන සිනාසුනේය......මම ඔයා ගැන දන්නවා ගොඩක් දේවල්..වෙලාව ආවාම කියන්නම්....ඔබ මට පැවසුවේය....
දිනෙන් දින ගෙවී යත්දී අපි සුහද මිතුරන් වීමු....මා ඔබෙන් දුරඇමතුමක් බලාපොරොත්තු විමි.ඔබ මට නොකඩවා ඇමතුම් දුන්නේය.එය ආගිය තොරතුරු....වලට සීමා විය.මා මෙන්ම නුඹත් සංගීතයට ප්‍රිය කල නිසාවෙන්ම අපි දෙදෙනා ගීත ඇසුවෙමු...මා එක් ගීතයකට කැමතී යයි පවසන විට අනික් පසින් මා කැමති ගීතය අසන්නට ඉඩ සලසා දුන්නේ නුඹය..නුඹට මා වශී කරවා තරමේ කටහඬක් විය...
දිනෙන් දින ගත වුනි..අප සිතින් බොහෝ සේ ලං වුවත් නොදැකි මිතුරන් වීමු..
මට ඇත්ත කියන්නකෝ...ඔයා කොහොමද මගේ ෆෝන් නම්බර් එක දැනගත්තේ....නමුදු මට පිළිතුරක් නොවුනි...
කාලය ගතවිණි....හදිසියේ කාලයකින් මට ඇමතුමක් නොදුන් මගේ මිතුරෙකු මට කතා කලේය....
ආ නංගී කොහොමද ?
හොඳින් ඉන්නවා අයියා....මං ඔයාගෙන් අහන්නමයි හිටියේ..ඔයා කාටහරි මගේ නො :එක දුන්නද?
ඇයි ??
නෑ මට ----- කියල කෙනෙක් කතා කරනවා..
ම්ම්ම්ම් මොකද ඉතින් කියන්නේ??
අනේ කියන්නාකෝ ඔයා දුන්නා නේද ?
එයා හොඳ කෙනෙක්..ඔයා කතා කරන්න..
නන්නාදුනන ඔබ මට ලංවූයේ එලෙසටය....කිසිවකුත් විශ්වාසකරන්නට බැරි අපේ කාලයේ...මා ඔබව විශ්වාස කලේ කෙලෙසකදැයි මට නොතේරේ...

Monday, January 9, 2012
බිඳුණු පියාපත්.....(11)
නුඹේ කාර්ය බහුල ජීවිතයත් සමග මා ගැන සොයා බැලීමට නුඹට තිබූ අවස්ථා ඉතා අල්ප විය.....
ඒ ඔබ ඔබේ මව්බිමට නුඹේ යුතුකම් නොපිරිහෙලා ඉටු කල නිසාවෙනි.නුඹ නුඹේ උපන් දේශයට ණය නැති වීර පුතෙකි.ඒ නිසාම මා ඔබේ වීම ගැන ආඩම්බර වූයෙමි.
නුඹේ ජීවිතය ගැන කිසිදු අයුරක අවිනිශ්චිත භාවයක් මගේ සිත තුල නොවුනි.යුද්ධය අතර තුරවත් නුඹේ ජීවිතයට අනතුරක් වේ දැයි සිහිනෙනුදු නොසිතුවෙමි.
මා වසනා මෙලොවට වඩා මරණින් මතු ලොව ඉතා සැපවත් යයි මා අසා ඇත්තෙමි.සමහරවිට නුඹ එහි සතුටින් සිටිනවා විය හැක..
නමුදු ඔබට මගේ අඩුව දැනෙනවා ඇත.
දඬු මොණරය මගේ සියළු අපෙක්ශාවන් නුඹේ ජීවිතයද සමග විනාශ කොට තිබුනි.කෙදිනකවත් නුඹේ අවසන් ගමන ගුවන් අනතුරක් නිසාවෙන් සිදුවෙතැයි මා බලපොරොත්තු නොවුයෙමි.
නමුත් එය එසේ සිදුවිය....ඒ ...අවාසනවන්ත මොහොතෙදී නුඹට කුමක් සිහිවන්නට ඇත්ද ...?
මම...මංගල දිනය....අම්මා තාත්තා...අක්කා....නුඹේ සිහින බොඳ වී යන අයුරු නුඹට දැනෙන්නට ඇත.නුඹ වෙදනාවෙන් කෑ ගසන්නට ඇත.බය වන්නට ඇත...අනතුර වලක්වා ගන්නට උපරිම උත්සහය දරන්නට ඇත.....
අවසන.......... නො එන ගමන් යන්නට ඇත
දන්නේ නුඹ පමණකි......වේදනා වින්දේද නුඹ පමනකි..
නුඹේ සිහින ගැන දන්නේ මා පමනකි.දෛවය අකාරුණික ලෙස සිහින දවා අළු කර දැම්මේය.
ගුවන් යානයක් යනු සෙල්ලම් බඩුවක් නොවේ. ඒ බැව් අදාල නිලධාරීන්ට නොතේරුන නිසාවෙන්ම ඔබේ ජීවිතය දැයට අහිමි විය.
කෙසේ නමුත් කවරදාක හෝ ඔවුන් එයට වන්දි ගෙවනවා ඇත......
දිට්ට ධම්ම වෙදනීය කර්මය පලදීම කෙසේ වෙතත් ඔවුන්ගේ හර්ද සාක්ශිය හිතට මරන මංචකයෙදි හෝ එරෙහි වනු ඇත.....
සියල්ල අකාරුනික ලෙසට එසේ සිදුවී අවසන්ය.....නමුත් තවමත් නොවෙලුන කඳුලු බිඳු......නොදැනිම පොලව සිප ගන්නේය.

බිඳුණු පියාපත්......(10)
මගේ ජීවිතය අළුතින් ගොඩනැගීමට හැකිවන්නේ කෙලෙසක්දැයි මට තේරුමක් නැත(මේ අතීතයයි...අනාගතයේ සුභ ලකුණක සේයාවක්වත් නොතිබුනු ඒ කාලයේ සිතින් සිතුවේද ඔහු ගැනම පමණී.
නුඹේ වාරුව නොමතිව මගේ ජීවිතය ඔහේ පාවුනු වලාකුලක් වී තිබුනි.
නුඹ මගේ ජීවිතය ඒකාලෝක කලේය.නුඹේ මුලු ජීවිතයම මා වටා ගොඩනගා ගත්තේය.
ජීවිතය මහ පුදුමාකාරය ...දෛවය ඊටත් වඩා පුදුමාකාරය "ජීවිතය යනු දෛවයද ? දෛවය යනු ජීවිතයද ? යන්න මා නොදනිමි...නමුත් ඒ වන විට දෛවය කුරිරු ලෙසට අපට සරදම් කර තිබුණි.
දෛවයේ සරදමක් නිසා මට නුඹ මුණ ගැසුනේ යයි මම නොකියමි.මන්ද කිසිම දිනෙක නුඹ මා සරදමකට නොගත නිසාය.නුඹ මට මුන ගැසුනේ පෙර පිනකිනි.නුඹ වන් සුහද පෙම්වතෙකු මට මුන ගැසුනේ ටික කලෙකට හෝ මගේ ලැබීමටය.
ජීවිතය යනු මහා මායාවක් සිත රවටන මිරිඟුවකැයි මට තේරුනේ නුඹ හැරගිය පසුය.
අප දෙදෙනා ආදරය කල කාලය කෙතරම් සුන්දරද? මෙතරම්ම යයි කිව නොහැකි සුන්දරත්වයක් අප දෙදෙනාම අත් වින්දෙමු.
නැවත යන්නට නොහැකි වූ නමුත්...නුඹ මට ආදරෙයි පැවසු නමක් නොදන්නා මුහුදු වෙරල මගේ මනසේ විචිත්‍රවත් චිත්‍රයකි.
මම නුඹෙන් ඉගෙන ගත් දේ අපමනය.ජීවත් වෙන්නට අපුරු පාඩම් ඔබ මට කියා දුන්නේය.
නුඹ කිසි විටකත් අනුන්ගේ දොස් මා සමග නොකියූ අයෙකි,නුඹ ගැනම පමනක් කතා කල අයෙකි.
පුරා සිව් වසක් තුල අප කතා කලේ අප ගැනම පමනි
Friday, January 6, 2012
බිඳුණු පියාපත්.....(9)
නුඹේ කට හඬ අසන්නට නොහැකිව එක පැයක් සිටීමට නොහැකි වූ මා දින සති ගෙවී යන තෙක් නිසොල්මනේ සිටියේ දුක දරාගත යුතුව ඇත්තෙද මා තනිවම නිසාය.හිත හදා ගැනීමට අපමන් උත්සහයක් ගත්තද එය කිරීමට පහසු නොවේ.
මංගල දිනයට අඳින්නට ගත් මංගල සාරිය දැකීමට නුඹට තිබුනේ මහත් උවමනාවකි.
ඔයා කවද්ද එන්නේ....මම නුඹ ආපසු ගිය දිනයේ සිට අසමි.....තව කල් තියනවා නංගා.නුඹ පවසන්නේ එසේය.
26 රාත්‍රිය පුරාවට මම නුඹත් සමග දීර්ඝ සාමිචියක යෙදීමට උත්සහ ගත්තද ඔබ මිතුරන් සමග විනෝද වෙමින් සිටි නිසා මම නින්දට ගියෙමි...ඒ ඔබේ අවසන් රෑය බව මට දැනුනි නම් කතා දෙකක් නැත....මම කෙසේ හෝ ඔබ සොයා එන්නෙමි...
27 දිනට පහන් විය.උදෑසන මම නුඹට කතා කලෙමි...පස්සේ කතා කරන්නම් නංගා...කියු ඔබ හරියටම 10.34 ට මට ඇමතුමක් දුන්නේය.....
දැනුදු මගේ හද දැවි....පිච්චීඉ...අළුවී යයි
මට ලැබුනු.....නුඹේ අවසන් ඇමතුම.....
යලි කිසි දිනෙක මට ඒ හඬ අසන්නට ලැබෙන්නේ නැත.....
මගේ හිතට විසල් දුකක් රුදුරු තනිකමක්,උරුමකොට දී නුඹ ඊට පැය කිහිපයකට පසු මෙලොවම අතැර ගොස් සිටියේය.
ජීවිතය අස්ථිර බව මමද දනිමි.නමුත් මෙතරම් ඉකමනින් එසේ වුයේ ඇයි...
දෑස් පිය ගත්තද දෑස් හැරගෙන සිටියද නුඹේ ඔය අහින්සක සිනාව මට පෙනේ.එය මගේ මනසේ තැන්පත් වී ඇති අමරණීය මතකයකි.
නුඹ මෙලොවින් සමුගෙන ගොස් ගෙවුනු පලවෙනි රැය තරම් දිගු රාත්‍රියක්මට මතක නැත.ඇහි පිල්ලමකුදු පියවීමකින් තොරව එදින මුලු රාත්‍රිය පුරාවටම මම නිදි වර්ජිතව සිටියෙමි.කොහේ හෝ සිට හිඳන් නුඹ එතැයි අවසන් මොහොත දක්වාම මා විස්වාස කලෙමි.
නුඹේ ශරීරය මා දුටුවද ඒ නුඹ යයි විශ්වාස කිරීමට තරම් සාක්ශියක් ඒ තුල නොවුනි.ඉතිං කෙසේ නම් මා නුඹ මිය ගොස්දැයි අදහන්නද
විටෙක මට සිතෙනවා..
මැවි මැවී පෙනෙනවා
නුඹේ ආගමනය....
නැවත අප අතරට..
ආශ්චර්යකින්වත්
නැවත පැමිනියොත් නුඹ
කෙතරම් සැනසීමක්ද
එය මා හට..
අප සැමට...
සිතා ගන්නටවත් නොහැක
මට මා ගැනම
සත්තකින්ම ඔබ ඒවිද
උඩ පනිමි කෑ ගසමි...
වැලඳ ගමි...හාදු දෙමි...
හඬමි නැවතත් සිනාසෙමි
කරකැවී නුඹ වටා................
ඇත සිතේ සිතුවිල්ලක් නුඹ එතැයි
නොදනී සැබෑවෙදැයි කෙදින
මවමි මම නුඹේ සිනාව
නුඹේ කතාව...
සිහිනයෙන් විත්
මාව රවටන නුඹ ගැනම...................
තවත් එක් වරක් වත්
හැබහින්ම දැක ගන්න
වරම් ඇත්නම් මෙමට
සත්තමයි මා සබඳ
එපාමයි මට නිවන...............

Wednesday, December 14, 2011
ගෙවී යයි කාලය.............(8)
නුඹ නොමැත මාළඟම
සිටිමි මම
තනිව මිහිපිට
දුකින් සන්තාපයෙන්
සංවේගයෙන්
තබාගෙන සිතෙහි
"නුඹ එතැයි මා ළඟට"...................
ගෙවුනි තුන්මසක්
නොදැනිම නුඹ නැතිව
කිමද වූයේ නපුරු
කෲර දෛවය අපට
කිමද අප කල වරද
දෛවයට
පැමිණ පසුපසින් අප
විසුණු කරන්නට
අපේ ජීවිත .......................
අහඹු ලෙස හෝ
දැනුනි නම් මට
නුඹේ අවසන්ම ඇමතුම
එය වගට
හඟවන්නට තිබුණා නොවෙද මට
නොනගින ලෙසට
අබලන් වූ දඬුමොණරයට................
කවුරු නුඹ යැව්වාද
නොදන්නාමුත් සබඳ
ඔවුනට තිබුණා
නොවෙද සිතන්නට
නුඹලා රොබෝවරුන් නොව
සිත් පිත් ඇති
වටිනාම මිනිසුන් වගට...................
අසංවෙදී මිනිසුනට
කෙසේනම් දැනේවිද
ප්‍රිය විප්‍රයෝගයේ
අරුම......
Tuesday, December 13, 2011
බිඳුණු පියාපත් (7)
ජාතික රෝහලේ මෘත ශරිරාගාරයේ තිබුනු නුබේ ශරීරය හඳුනාගැනීමට මට කිසිදු සලකුණක් නොවුනි.එය කෙතරම් වේදනා සහගත හැඟීමක්ද???
දැවී අලුවී ගොස් තිබු නුබේ දේහය දුටු විට මට දැනුනු සදාතනික වේදනාව කෙතරම්දැයි ලිවීමටත් අපහසුය....මගේ ජීවිතයේ මාදුටු අවාසනාවන්තම දර්ශනය එය විය.හඬන්නට කඳුලු නැතිවිට ජීවිතයේ ප්‍රථම හා අවසන් වතාවට මා නුබේ ප්‍රාණය නිරුද්ධ ශරීරයට වැන්දෙමි. මක්නිසාද මගේ ජීවිතයට වටිනාකමක් එක් කල,මා ආදරය කල තරමටම පෙරලා මටත් ආදරය කල මා නුඹේ ජීවන ගමනේ එකම සහකාරිය කර ගැනීමට පාරමී පිරූ එකම පිරිමියා නුඹ බවිනි...
වූ නුබට මා ගෞරව කල යුතු බැවිනි.නුඹ ළඟ තවත් ටික වේලාවක් රෑඳුනේ නම් හොඳ යයි විටෙක මට සිතේ .අපේ ජීවිත කෙතරම් අනිත්‍යද?? නුඹේ කරේ නුඹ පැලඳි මාලය මා අතට පත් වූ විට සිය වතාවක් පමණ මා ස්පර්ෂ කරමින් හාදු දුන්නෙමි.ඒ තුලින් දැනුනු සැර ගන්ධය පරයා මට දැනුනේ ඔබේ ආත්මීය සුවඳයි.
මගේ වේදනාව කාට කියන්නද ? එය දන්නේ නුඹත් මමත් පමණි.සත්‍ය ලෙසටම නුඹ මල් පහන් පූජ කොට වඳින්නට තරම් වටිනා පිරිමියෙකි.
නුඹ ලොවම අතැර ගොස් සිටියද සිතේ කොනක නුඹ නැවත එතැයි යන බලාපොරොත්තුව ඉතිරි වී තිබුනි.දන් එයද නැත.
මගේ සිත හදා ගැනීමට මගක් පෙන තෙක් මානයක මට නොපෙනේ.නුඹට මාත් මට නුඹත් කළ ආදරය කොතරම්ද??
සෑම තැනම ඇත්තේ ඔබේ මතක සැමරුම්ය.නුඹේ කට හඬ අසන්නට නොමැතිව එක පැයක් හිඳීමට නොහැකි වූ මා මාස 03 ක් නුඹේ හඬ නෑසී සිටිමි.මා තනි වී ගොස්ය.හිත හදා ගැනීමට අපමණ උත්සහයක යෙදුනත් එය සිතනවාට වඩා දුශ්කර කාර්යකි.
නුඹේ අඩුව මට දැනේ. මා දුකින් පසු වන්නේ නුඹේ මනාලිය වන්නට නොහැකි වු දුකට නොව නුඹේ වටිනා ජීවිතය අහිමි වු නිසාවෙනි.
නුඹේ නමට කෙදිනකවත් මා අදරය නොකලෙමි.නමුත් නුඹ තුල නිදන්ගතවී සිටි අහිංසක,සුන්දර,ගුණගරුක,සරළ,මිනිසාට මම ආදරය කලෙමි.
Subscribe to:
Posts (Atom)