Followers
Monday, January 9, 2012
බිඳුණු පියාපත්......(10)
මගේ ජීවිතය අළුතින් ගොඩනැගීමට හැකිවන්නේ කෙලෙසක්දැයි මට තේරුමක් නැත(මේ අතීතයයි...අනාගතයේ සුභ ලකුණක සේයාවක්වත් නොතිබුනු ඒ කාලයේ සිතින් සිතුවේද ඔහු ගැනම පමණී.
නුඹේ වාරුව නොමතිව මගේ ජීවිතය ඔහේ පාවුනු වලාකුලක් වී තිබුනි.
නුඹ මගේ ජීවිතය ඒකාලෝක කලේය.නුඹේ මුලු ජීවිතයම මා වටා ගොඩනගා ගත්තේය.
ජීවිතය මහ පුදුමාකාරය ...දෛවය ඊටත් වඩා පුදුමාකාරය "ජීවිතය යනු දෛවයද ? දෛවය යනු ජීවිතයද ? යන්න මා නොදනිමි...නමුත් ඒ වන විට දෛවය කුරිරු ලෙසට අපට සරදම් කර තිබුණි.
දෛවයේ සරදමක් නිසා මට නුඹ මුණ ගැසුනේ යයි මම නොකියමි.මන්ද කිසිම දිනෙක නුඹ මා සරදමකට නොගත නිසාය.නුඹ මට මුන ගැසුනේ පෙර පිනකිනි.නුඹ වන් සුහද පෙම්වතෙකු මට මුන ගැසුනේ ටික කලෙකට හෝ මගේ ලැබීමටය.
ජීවිතය යනු මහා මායාවක් සිත රවටන මිරිඟුවකැයි මට තේරුනේ නුඹ හැරගිය පසුය.
අප දෙදෙනා ආදරය කල කාලය කෙතරම් සුන්දරද? මෙතරම්ම යයි කිව නොහැකි සුන්දරත්වයක් අප දෙදෙනාම අත් වින්දෙමු.
නැවත යන්නට නොහැකි වූ නමුත්...නුඹ මට ආදරෙයි පැවසු නමක් නොදන්නා මුහුදු වෙරල මගේ මනසේ විචිත්‍රවත් චිත්‍රයකි.
මම නුඹෙන් ඉගෙන ගත් දේ අපමනය.ජීවත් වෙන්නට අපුරු පාඩම් ඔබ මට කියා දුන්නේය.
නුඹ කිසි විටකත් අනුන්ගේ දොස් මා සමග නොකියූ අයෙකි,නුඹ ගැනම පමනක් කතා කල අයෙකි.
පුරා සිව් වසක් තුල අප කතා කලේ අප ගැනම පමනි
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම්ම්ම්....කාලය අතීතයෙන් ඔයාව මුදවා ගනීවි....සතුටින් ඉන්න...මරනය අපිට පොදුයි...එතකම් ජීවිතයට ඉඩ දෙන්න....
ReplyDeleteඔව් කිරිල්ලි.....වෙන්වීමේ දුකට වඩා දැන් තියෙන්නෙ ඔහු වගේ කෙනෙකුට එහෙම දෙයක් උන එක ගැන දුක......
ReplyDeleteමම දැන් අළුත් ජීවිතයක.....
සතුටින්...