Followers

Thursday, January 19, 2012

ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවු හැම දේ තවමත් මගේ මතකයේ රැඳේ........................(14)

අපි දින පතා නොවුනත් බොහෝ විට දොඩමළු වුයෙමු...එකල මට තිබුණේ සෙල්ටෙල් නොම්මරයක් වු අතර ඔබට තිබුණේ ඩයලොග් නොම්මරයකි.දැනට වසර 6 කට දුර අතීතයේදී දුරකතන බිල ගැන නොකිව මනාය.නමුත් බිල මගේ නොව නුඹේය.නුඹ එය ගනනකටවත් ගත්තේද නැත..

දිනක් මට සවස් යාමයේ ලැබුනේ නන්නාඳුනන ඇමතුමකි...
හෙලෝ......
මම කතාකරන්නේ.....අම්මා දුව....පුතාගේ ෆෝන් බිල් වල මේ නො එක තිබුනා කීප සැරයක්ම.....

ආනේ ආන්ටි..එයා මගේ හොඳ යාළුවෙක්..අපි කතා කරනවා...මා හැකි තරම් විනීතව පිළිතුරු දුනිමි...

අනේ ආන්ටි මම එයාව දැකලවත් නෑ,,,

ම්ම්.... මම නිකමට දුව කතා කලේ....අම්මා මගෙන් විස්තර අසා දුරකතනය තැබුවාය.."

අනෙක් පසට ඔබට ඇමතුමක්  ගත් මා "මාර වැඩේනෙ උනේ ඔයාගේ අම්මා මට කතා කලානේ....

මා සිතුවේ ඔබ කලබල වේ යයි කියාය....නැත....අනෙක් පසින් ඇසුනේ සිනාවකි...ඉතිං මොකද කීවේ..අපේ අම්මා හොඳයි නේද???

අප අපවම  නොදැක දිනෙන් දින ලංවෙමින් සිටියෙමු......


මම ඔයාව බලන්න  දැන් කැම්පස් එක ලඟට එනවා...මම ඉන්නෙ එහා ග්‍රවුන්ඩ් එකේ flight එකක් ආවා..ඉක්මනට එන්න පුළුවන්ද?

අනේ දැන්?? ඔව් මට දවස්කීපයකට කතා කරන්න වෙන්නෙත් නෑ..හදිස්සි ගමනක් යන්න වෙලා...
ආයෙමත් එන්නෙ සතියකින්....

කමක් නෑ..ආපුවාම කතා කරන්න....මම කීමි.ඔබ ඊට එකඟ විය....වීරයා මෙන් පැවසුවද සතිය මට කල්පයක් සේ දැනුනි.

එදින සුන්දර ඉරිදාවකි..මා නැවත කොලඹ යාමට දුම් රිය පලට ගියෙමි...
දුම් රිය ප්‍රමාදය....පැයක්...මා බසයේ යාමට කම්මැලි වු නිසාම එතැනට වී සිටියෙමි.

දුරකතනය නාදවිය.ඒ ඔබය.... මා ප්‍රීතියෙන් පිනා ගියෙමි....කවද්ද ආවෙ...අද මේ දැන්...

ඔයා කොහෙද? බලන්නකො අද train late නේ...මම station එකේ

wow  එහෙනම් අද එන්න මේ පැත්තෙන්....මම ඔයාව ගන්න එන්නම් stand එකට
මා දෙවරක් සිතුවාදැයි මට මතක නැත....
කිසිම දිනක තනිව ගොස් නොමැති මීගමුව බලා මම ගමන ඇරඹීමි....
නුඹ මා එනතෙක්ම විටින් විට ඇමතුම් දෙමින් මා කොහෙදැයි සොයා බැලුවේය....

පැය එකහමාරක පමණ ගමනකින් පසුව මා නුඹේ නගරයට පැමිණියෙමි...

නමුත් මා සිත් ගැහෙමින් පැවතුණි.
ඔයා මොන clour එකක්ද ඇඳන් ඉන්නේ?
black sleeveless  blouse pink skirt with red bag...

එම දෛවෝපගත මොහොත උදාවිය...

සුදුපාට ශෙරිනා වර්ගයෙ වෑන් රතයක් මා ඉදිරිපිට නැවතුනි....
 ඉදිරිපස දොර ඇරිනි.

මා සිත වශී කල සිනා පිරි කඩවසම් රුව මා ඉදිරියේය

4 comments:

  1. මීගමුව..! මම ඉස්සර ආසම දැන් ආස නැතිම නගරය...!!

    ReplyDelete
  2. අතීත මතකයන් කොයි තරම් තිබුනත් හිතට දුකක් දැනුනත් මම තාමත් ඒ පැත්තට යන්න කැමතී කිරිල්ලි

    ReplyDelete
  3. මේ සිදුවීමෙන් පස්සේ ඒ කෙනා තමන්ගේ උනාද ?
    මරු මරු !!!

    ReplyDelete
  4. එහෙම වෙන්න තිබුනු අවස්ථාව දෛවය අකාරුණික විදිහට නැතිකලා මල්ලි....එයාගේ ජීවිතයම ආපහු ගැනීමෙන්.

    ReplyDelete