අමතක උණේ නැත
මට නුඹව...
පෙරදා මෙන්ම සිතට එන
සිතුවිලි අතර
තවමත් නුඹ සිටී
දයාබර මා සබඳ
සිතන්නට එපා කෙදිනකවත්
අමතක වී ඇති බවට
මට නුඹව
කෑ ගසා හඬන්නට
අඳුරට වී ඉකිලන්න
නොහැකිවුවත්
පෙරමෙන්ම මට
මනින්නටට එපා
වියළුන කඳුලකින්
ඔබට තිබූ ආදරය
ජීවිතය තව මගෙක
යනමුත් මා රැගෙන
අතීතය එලෙසමයි
පෙර විලසටම
නුඹේ ඔය සිනාව
දුටිමි සිහිනෙන්
දිනෙක
නැවත නැවතත්
පිච්චී ගියේ මගේ හදවත
ඔබ මතක් වූ නිසාමයි නැවත...
"ජීවිතය තව මගෙක
ReplyDeleteයනමුත් මා රැගෙන
අතීතය එලෙසමයි
පෙර විලසටම"
ඒක නම් ඇත්ත..ලස්සන කවියක්..
අතීතයේ එක් කාලයකට හැරෙන්න අනිත් හැමදේටම මම තවමත් ආදරෙයි
Deleteලස්සන කවි ටිකක්.....
ReplyDeleteස්තුතී
Deleteහ්ම්ම් සිහිනෙන් දකින එක තරම් තවත් දුකක් නැහැ
ReplyDeleteහ්ම්ම්.....අයේ කවදාවත්ම දකින්න හම්බවෙන්නෙ නැති කෙනෙක්ව හීනෙන්වත් දකින්නත් ආසයි
Deleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteස්තූතී...මගේ සැබෑ ජීවිතයේ සැබෑ අත්දැකීමක්....
ReplyDeleteඅතීත සිහිනයන් තුළ ජීවත්වීම යතාර්ථයේ තමන්ට ආදරය කරන්නන්ට කරන අසාධාරණයක් නේද... ලස්සන කවි පෙළක්...
ReplyDeleteඅතීතය වල දාන්නෙ මොන හිතකින්ද? සිතුවිලි සැරිසැරුවට පුද්ගලයා මේ ලෝකේ නෑ දැන්
ReplyDeleteමම හිතන්නේ නෑ වර්ථමානයට අසාධාරනයක් කියල..
ඒ නිසාම
මගෙ හිතේ පසු තැවිල්ලකට ලියවුනු කවියක්..