Followers

Monday, January 9, 2012

බිඳුණු පියාපත්.....(11)

නුඹේ කාර්ය බහුල ජීවිතයත් සමග මා ගැන සොයා බැලීමට නුඹට තිබූ අවස්ථා ඉතා අල්ප  විය.....

ඒ ඔබ ඔබේ මව්බිමට නුඹේ යුතුකම් නොපිරිහෙලා ඉටු කල නිසාවෙනි.නුඹ නුඹේ උපන් දේශයට  ණය නැති වීර පුතෙකි.ඒ නිසාම මා ඔබේ වීම ගැන ආඩම්බර වූයෙමි.
 නුඹේ ජීවිතය ගැන කිසිදු අයුරක අවිනිශ්චිත භාවයක්  මගේ සිත තුල නොවුනි.යුද්ධය අතර තුරවත්  නුඹේ ජීවිතයට අනතුරක් වේ දැයි සිහිනෙනුදු නොසිතුවෙමි.

මා වසනා මෙලොවට වඩා මරණින් මතු ලොව ඉතා සැපවත් යයි මා අසා ඇත්තෙමි.සමහරවිට  නුඹ එහි සතුටින් සිටිනවා විය හැක..

නමුදු ඔබට මගේ අඩුව දැනෙනවා ඇත.

දඬු මොණරය මගේ සියළු අපෙක්ශාවන් නුඹේ ජීවිතයද සමග විනාශ කොට තිබුනි.කෙදිනකවත්  නුඹේ අවසන් ගමන ගුවන් අනතුරක් නිසාවෙන් සිදුවෙතැයි මා බලපොරොත්තු නොවුයෙමි.
නමුත් එය එසේ සිදුවිය....ඒ  ...අවාසනවන්ත  මොහොතෙදී නුඹට  කුමක් සිහිවන්නට ඇත්ද ...?

මම...මංගල දිනය....අම්මා තාත්තා...අක්කා....නුඹේ සිහින බොඳ වී යන අයුරු නුඹට දැනෙන්නට ඇත.නුඹ වෙදනාවෙන් කෑ ගසන්නට ඇත.බය වන්නට ඇත...අනතුර වලක්වා ගන්නට උපරිම උත්සහය දරන්නට ඇත.....

අවසන.......... නො එන ගමන් යන්නට ඇත

දන්නේ නුඹ පමණකි......වේදනා වින්දේද නුඹ පමනකි..


නුඹේ සිහින ගැන දන්නේ මා පමනකි.දෛවය අකාරුණික ලෙස  සිහින දවා අළු කර දැම්මේය.
ගුවන් යානයක් යනු සෙල්ලම් බඩුවක් නොවේ. ඒ බැව් අදාල නිලධාරීන්ට නොතේරුන නිසාවෙන්ම ඔබේ ජීවිතය දැයට අහිමි විය.

කෙසේ නමුත් කවරදාක හෝ ඔවුන් එයට වන්දි ගෙවනවා ඇත......

දිට්ට ධම්ම වෙදනීය කර්මය පලදීම කෙසේ වෙතත් ඔවුන්ගේ හර්ද සාක්ශිය  හිතට  මරන මංචකයෙදි  හෝ  එරෙහි වනු ඇත.....
සියල්ල අකාරුනික ලෙසට එසේ සිදුවී අවසන්ය.....නමුත් තවමත් නොවෙලුන කඳුලු බිඳු......නොදැනිම පොලව සිප ගන්නේය.

5 comments:

  1. මගෙත් හොදම යාලුවෙක් නැතිඋනේ හෙලිකොප්ටර් ක්‍රැශ් එකකින්...කාගෙවත් පිටින් වරද දාන්න හොද නෑ....ඒක වෙලාව....

    ReplyDelete
  2. @ නොදුටුලොවක්එහෙම වෙන්න ඇති...
    නමුත් මම මෙය කියන්නේ බොහොම වගකීමකින්....සියලු කාරණා දැනගෙන....

    මුල සිට අග දක්වා.....අද දක්වා.....අහිමි විමේ වේදනාව දැනගන්න එහෙම සිදුවීමක් වෙන්නම ඔනේ....

    කෙනෙක්ගේ අතපසුවීම අනෙක් කෙනාගේ වෙලාව ,කර්මය කියලා හිත හදා ගන්න පුලුවන්නම් අපි පෘතග්ජන මිනිස්සු වෙන්න බෑ

    ReplyDelete
  3. ස්තූතී මේ පැත්තෙ ආවට

    ReplyDelete
  4. ලියන්න දුක නිවෙන කම් ලියන්න...එයා මරනය තුරුල් කර ගත්තෙ ගොඩාක් මනුස්සයො වෙනුවෙන් මිසක් එයා වෙනුවෙන් යමක් දිනා ගන්න ගිහින් නෙවේ...ඒ නිසා එයා දැන් ඉන්න තැනක ගොඩාක් සතුටින් ඇති..ඔයාල ආයෙත් හමුවෙනව මතුභවේදි....ජීවිතය මහලොකු කාලයක් නැහැ...අපිත් යනවා....යලිහමුවෙන තුරු සතුටින් ඉන්න...ඔයාල දෙන්න නැවතත් මේ ආත්මෙදි වගේම හමුවෙලා..ආයෙ කවදාවත් මේ වගේ ඉරනමකට ගොදුරු නොවී..සසර පුරාම එකට අත්වැල් බැඳන් ඉන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතී කිරිල්ලි..ඔයාගේ පැතුමට...ආයේ හමුවෙන්න කියල මම පැතුවා හැමදාම....නමුත් මේ වගේ කුරිරු ලෝකයක් එයාට සුදුසු වෙන්නේ නෑ .....

      Delete