Followers
Monday, August 27, 2012
අතීත මතක.................
ගම .....මා ඉතා ආශා කරන මාතෘකාවකි.කුරුණෑගලින් බොහෝ දුර හද්දාපිටිසර උදයට සහ හවසට එකම බසයක් ධාවනය වුනු එහෙත් අති සුන්දර ගමක විසූ අප කාලය ගතවීමෙන් පියාගේ ගම හැරදා නාගරීකරනය වූ මවගේ ගමට පැමිණියෙමු...නමුත් මට එහි වසර 15 ක පමන අතීතයක් ඇත...
නගරයේ පාසැලකට එවකට එම ගමෙන්ම ගියේ මා පමණකි.(පසු කලෙකදී එය වෙනස් වුවත් ) නමුත් අසල්වැසි ගමේ කීප දෙනෙක් නගරයේ විවිධ පාසැල් වලට ගියෝය. පුරා වසර 10 ක පමණ කාලයක්ම මා පසැල් ගියේ "පාසැල් සේවය" වෑන් රථයකිනි.
අමතර පංති තිබු දවසට එය වෙනස් වේ... අප්පච්චී නිවසේ නොසිටින තැන සැතපුම් 04 ක් පමණ දුරක් ඇවිද යාමට සිදු වේ..එදවස එය මට එපා කරවන්නක් වූවත් මිතුරියක් හමු වූ විට රටේ ඇති සියළු දේ කතාකරමින් පුරා පැයක් පමණ ගත කරමින් නිවෙස් කරා ඇවිද එන්නෙමු.එන අතර මගදී කවුරුන් හෝ අදුනන කෙනෙක් අපට බයිසිකලයක නැග නිවසට යන්නට කථා කරන විරල අවස්ථාද විය.
අම්මා ගමේ පාසැලේ ඉගැන් වූ නිසාත්,අප්පච්චී අසල්වැසි ගමේ ගම්මුලාදෑනියා වී නිසාත් මම නොදත් නමුත් මා දන්නා පිරිස අහල ගම් හත තුලම විය.එමෙන්ම අම්මාගේ මුහුණුවරට ඉතා සමානව තිබූ මගේ මුහුණුවර මට අවාසි සහගත එකක් වූයේ සෑම තැනදීම මා හැඳින ගැනීමට තිබූ ප්‍රබල සාධකයක් වූ බැවිනි...
වරක් මා උසස් පෙළ අවදියේ අමතර පංතියකට ගොස් එනවිටදී අහඹු ලෙස http://muthupabaluwal.blogspot.com.au/2011/10/blog-post_11.html. කථානායක මගේ මිතුරා මගදී හමු විය.පාසැල් නිල ඇඳුමින් සිටිනිසාත් මග තොට කතා කීරීම නුසුදුසු නිසාත් හමු වූ අතුරු පාරේ විනාඩියක් පමන දුක සැප අසා මා එන්නට පැමිණියෙමි......
මා නිවසට යන්නටත් ප්‍රථම එය අප්පච්චීට ආරන්චි වූ හැටි අදටත් මම දන්නේ නැත...:) :) නිවසේ අය මිතුරා හොඳින් අදුනන බැවින් ප්‍රශ්න පත්‍රයෙන් බේරීමට මට හැකි විය.
මා සාමාන්‍ය පෙළ පංතීයේ උගන්නා කාලයේදී අම්මාද ගමේ පාසැලේ සාමන්‍ය පෙළ සිංහල සහ සමාජ අධ්‍යනය උගැන්වූවාය..
කාලසටහනේ සිංහල යෙදී තිබුන දින ඇගේ සිසු සිසුවියන් අපේ නිවසට හවස් යාමයේ පමිණ නැවත නැවත පාඩම් මතක් කර ගන්නා ලදී.නමුත් මට නම් මෙය මහ කරදරයක් සේ දැනුනි.ටික වේලාවක් ඔවුන් මැදට වී සිට හිමින් සීරුවේ කෑමකාමරයට ගිය මම සිත්සේ කෑම මේසය උඩට වී නිදා ගතිමි..ඒ අධ්‍යාපනයට ලැදි සුවච කීකරු ළමයින් ගියේ මහ රාත්‍රියේ කීයටදැයි මට නම් මතක නැත.......:)...:)
උදෑසන බොහො සිත් ප්‍රීතියෙන් යුතුව මම පාසල් ගොස් සින්හල ප්‍රශ්න පත්‍රයට අමාරුවක් නැතිව පිළිතුරු ලියා පැමිණියෙමි..එන අතර මග හමු වු මවගේ ගෝලබාලයින් ඈ කිවූ ලෙසටම ප්‍රශ්න දෙක තුනක් ආ බවත් පැවසුවෝය.
මතක ඇති ලෙසටනම් එකක් සැලලිහිණි සංදේශයේ කවි වලිනි......කවි පාඩම් නැති නිසා මම එය අත් හැරියෙමි....කෙසේ නමුත් අවසනදී මටත් විශිෂ්ට සාමර්තයක් නම් තිබුනි....
අපේ වත්ත අවසන් වන්නේ ගමේ වෙල් යායකිනි.අනෙක් පස ඇත්තේ මහා ගල් තලාවකි අක්කර ගනනකින් යුතු මේ ගල් තලාව අවසන් වන්නේ කඳු මුදුනේ ඇති පන්සලෙනි. අරලියා ගස් පමණක් සරුවට වැඩුණු බිමක පිහිටි පන්සල සමග ඒ තරම් සම්බන්ධයක් මගේ නොවුනත් පොහොය දිනට අහල පහල මිතුරියන්ද අම්මාද සමග මම පන්සල් ගියෙමි.පන්සල එක්පැත්තක තිබුණේ වැවකි...කුඹුරු අස්වැද්දීමට ජලය හිග කාලයේ වතුර ලබාගත්තේ මේ වැවෙනි..වැව නිවස ළඟම තිබුණත් මම කිසිම දිනක එහි නා නැත්තෙමි....
පන්සල වටා තිබූ මේ ඉඩම් කීපය හා බැඳුනු අත්භූත කතාද බොහොමයකි.. පන්සල් වත්තත් ඒ අවට ප්‍රදේශයේත් සවස් යාමයේ ළමුන්ට තහනම් ප්‍රදේශයක් කොට තිබුනේ ඒ නිසාය....නමුත් අප පාසැල් ඇරී පැමින එරමිණියා වාරයට තරඟයට එරමිණියා කැඩුවේ සවස් වරුවේය.( එරමිණියා යනු බොහො විට ගල් උඩ සෑදෙන කටුපඳුරු වර්ගයකි.එහි අතු වල කුඩා ගෙඩි හට ගනී.ඒවා දිව පිනායන රසයකින් යුක්තය.කඩන්නට ගොස් ඇනෙන සීරෙන අවස්ථා නිමක් නැත )
අතීතය මතකයට නැගීම සුන්දරය....
Subscribe to:
Post Comments (Atom)
අද තමා දැක්කේ බ්ලොග් එක කුරුණෑගල කොහෙද ඉස්කෝලේ කොහෙද
ReplyDeleteඇත්තටම ලස්සන මතකයක් තමා....
www.ibba.tk
ස්තූතී මේ පැත්ත බලන්න ආවට....කුරුණෑගල මීගමුව පාරෙ ටිකක් දුර ආවම උහුමීය කියල ගමක් හම්බවෙනවා ....ඒ ගම මැද්දෙන් තමයි අපේ ගමට යන්න ඕනෙ.ගෙදර ඉඳල යන්න දුර විනාඩි 45 ක් විතර..නමුත් පාරෙ බස් අඩුයි...
Deleteආ..මගේ පාසැල බාලිකාවන් පමණක් සිටින ඉතා ප්‍රසිද්ධ...බෞද්ධ පාසැල..."ම" යන්නෙන් පටන් ගන්නෙ ....ඉබ්බා ඒ පැත්ත ගැන දන්නවද??
අපෝ මම නොදැන්නවැයි ඉතා පරසිද්ද ම යන්න මමත් සහෝදර පාසැලේ තමා උහුමීයත් දන්නවා................
Deleteහිහ් හිහ්
අක්කගේ පුංචි කාලය මරු නෙව !!!
ReplyDeleteතව ගොඩක් අත්දැකීම් තියනවා මල්ලි....මේ 90 දශකය මැද කාලය...අත්දැකීම් නම් පොතක් ලියන්න තරම්..
ReplyDeleteඔන්න බලමු ඒකෙත් හැටි..හ්ම්ම්ම්ම්ම්ම්....අපිත් ඔය පැත්තෙම තමා..පස්සෙ බත්තරමුල්ලට ඇවිත් මෙහාට ආව...සමානයි නේද ගොඩාක්?
ReplyDeleteආ ඒකත් එහෙමද කිරිල්ලි....එක පැත්තෙ අය අපි එහෙනම්....දැනගන්න ලැබීමත් සතුටක්
ReplyDeleteඅපේ ගම් පලාත් හරිම ලස්සනයි මට ඒ ගැන ගොඩාක් ආඩම්බරයි..කුහකයො කොහොම අපහාස කලත් මම කියන්නෙ ඇත්ත..මම මගෙ ගමට ආදරෙයි..තාමත් හැමදාමත්...මම ඔයාට පනිවිඩයක් එව්ව බලන්න මූනුපොතේ...
Deleteඔබාමාමත් බලපු පරන බ්ලොග් එකක්.
ReplyDeleteමගේ එකට ඔබා මාමගේ කමෙන්ට් එකක් දාගන්න බැරිඋන එකට ඇත්තටම මට දුකයි.
අදමයි මම මෙතෙන්ට ආවේ
තරහා නැතුව චුට්ටක් මේක අහන්න. වරදවා හිතන්න එපා. පොස්ට් දෙක තූනක් බලන්න මම මාර කට්ටක් කෑවා,
මේ බ්ලොග් එක පළල ගොඩක් වැඩියි,
පරණ පටු මොනිටර් වලදී වම් පැත්ත පේන්නෙම නැ.
පෝස්ට් එක බලන්නත් වමට දකූනට යන්න ඔන.
පළල ටිකක් අඩු කරලා ඒ පහසුව කියවන අයට ලබා දෙනවානං හොදයි මං හිතන්නේ.
ඔන්න මම ඔබ කියපු ලෙසට කලා.බලන්න පහසුද කියලා.ස්තූතී මේ පැත්තට ආවට.ඔබා මාමා ගැන මතකය නම් දුක්බරයි තමයි මල්ලි.ඔහුට නිවන් සුව පතන්න තමයි අපිට වෙන්නෙ
ReplyDeleteඔය ගස් කටු ගෙඩි නේද අර අලියොත් කන්නේ?
ReplyDeleteමමත් පොඩි කාලේ ඒවා කෑවා වගේ මතකයි. ඒක හින්දා වෙන්න ඇති මම අලි බබෙක්ම වුනේ...