Followers

Wednesday, August 29, 2012

ඔබ ලැබුනෙන් මා පින් කල බව දැනුනී....



අපි දෙන්නා හමු උනේ අහම්බෙන්....අහම්බෙන් ඇති උනු මිතුරුකම මාස 03ක් වගේ කෙටි කාලෙකින් "විවාහය"දක්වාම දුර ගියා....
අපි දෙන්නම ආදරයේ වේදනා ඇති පමණින්  විඳ තිබුණු  හින්දම ඉක්මනින් අපි අපේ වෙන්නම අඩි තාලම දැමුවා....මම නම් ඔබේ ඒ අදහසට එකපයින් කැමති උනේ ඔබව මට නැතිවේයි කියල හිතට දැනුනු හන්දාද මන්දා.....
ඔබෙන් මම දැකපු උතුම් ගතිගුණ වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
ඇත්තටම ඔබ  අහිංසකයි...දැන් දැන් මට තෙරෙන විදිහට නම් අහිංසක කමක් ගෑවිලාවත් නැති මාව මේ තරම් සුවච කීකරු බිරිදක් කරගත්තෙ ඔයාගෙ ඉවසීමයි අහිංසක කමයි කියල.ඇත්තටම මට එක වචනෙකින් වත් ඔබට රිද්දන්න හිත දෙන්නෙම නෑ....
 ඔයත් මාව වචනෙකින්වත් රිද්දන්නෙ නෑ....හුඟක් දේ හිතේ දරාගෙන හිත රිදුනත් මගෙ වචනෙකට හරි ඒ වෙනස්වීම මට නොපෙන්වා හැමදාම එකවගේම ආදරේකින් ඉන්න ඔයා ලැබීමට මම වාසනාවන්ත උණා

අපේ අම්මාට..අප්පච්චීට ඔයා හොඳ පුතෙක්...අම්මා මටත් වඩා ආදරේද කියලත් මට වෙලාවකට හිතෙනවා....මගේ නියම චරිත ස්වභාවය( ගෙදර ඉන්න කාලෙදි ) දන්න අප්පච්චි හැම වෙලාවෙම කියන්නෙ ඔයා ඔය ලමයට බනින්නෙ එහෙම නෑ...ඔන්න මම නරකයි කියල කියන්න එපා කියල....එයාලා දන්නෙ නෑ මම දැන් කොයිතරමට වෙනස් වෙලාද කියල...............................

අපේ අම්මා කිවේ ...ඒ ළමයගෙ හිත මලක් වගේ ඔයා ඒක තලල දානව එහෙම නෙවේ කියල.......

කවුරු මොනව කීවත්....මට පුදුම මම වෙනස් උන එක ගැන....මගේ යාළුවො විස්වාස කරාවිද මන්දා.....දඩබ්බර අදහස් තිබුනු  මම මෙහෙම වෙනස්වෙලා  කියලා....

මගේ අහිමි උන ආදරයෙ දෙවසර සිහිකිරීමට දානයක් දෙන්න ඔබට පුළුවන් හැමදේම ඒ වෙනුවෙන් කලා..ඒ විතරක්ද ඔහුගේ දෙමව්පියන්ගේ සහොදරියගේ දුකසැප පවා සොයා බලන්න ඔහුගෙ නිවසට යන්න මාත් එක්ක එකතු උනා....අහිමි ආදරෙට මගේ ඇහින් කඳුලක් වැටෙද්දිත් ඒ කඳුල ඉවසන්න තරම් ශක්තියක් ඔයාට තිබ්බා.....

මම දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියල....ඇත්තටම ඔයා ලබන්නත් මම පින් කරල ඇති.......අපි දෙන්න අපේම වෙලා අවුරුද්දක් නොදනිම ගෙවිල.................අපි දෙන්නටම සුභ විවාහ සංවත්සරයක් වෙවා

 ප/ලි- ඉහලින් තියන පිංතූරෙ අපි දෙන්නා තනියම සමරපු  පළමු විවාහ සංවත්සරයෙ කේක් එක.....ලස්සනයි නේද ??

11 comments:

  1. ඔය දෙන්නට මාත් සුබ විවහා ජීවිතයක් පතනවා !!!
    ඒ වගේම තමයි දරු මල්ලෝ ලැබිලා ජීවිතේ තියෙන තුරා සතුටින් ඉන්ඩ වාසනා ශක්තිය ලැබෙන්ඩ කියලා එකහිතින්ම පතනවා !!!

    ReplyDelete
  2. මගෙත් උණුසුම් සුබ පැතුම් .

    ReplyDelete
  3. ජීවිතේ තව තවත් වාසනාවන්ත වෙන්න සුබ පැතුම් මගෙනුත්....

    ReplyDelete
  4. සතුට ඉතිරෙන..සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයක් ඔයාල දෙන්නටම ප්‍රාර්ථනා කරනව මම..
    මගෙත් මේ දඩබ්බර හිතුවක්කාර කම ඔයාගෙ වගේම කවදා හරි නැතිවෙලා යාවි නේද??..:D:D

    ReplyDelete
    Replies
    1. දඩබ්බර හිතට තවත් දඩබ්බර කෙනෙක් එකතු උනොත් නම් කිරිල්ලි සොරි ම තමා....එක්කෙනෙක්ට හොඳ ඉවසීමක් තියනවනම් අනික් කෙනා නිකන්ම හැදෙනව මේ මම වගේ...මටම පුදුම ඒකනෙ....ඔයාටත් ඉතාමත්ම හොඳ කුරුල්ලෙක් ලඟදිම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා""" නයෙක් එහෙම අල්ල ගන්නව නොවෙයි...."";D..:D..:D

      Delete
  5. මේ වගේ සුබ කතාවකින් ඔයාගේ බ්ලොග් එකට ආව එක ගැන මට සතුටුයි ..අන්න එහෙම හැම සහකරුවෙක් සහ කාරියක්ම තමන්ගේ පැත්තේ අඩුපාඩුත් අනිත් පැත්තේ පොහොසත් කමත් හිතනවා නම් බොහොමයක් විවාහ ඔබේ වගේ වේවි.. හැබැයි හැමෝම වාසනාවන්ත නැහැ ඔබ ලැබූ සැමියාගේ උසස ගති ගුණ අද සමාජයේ බොහොම විරල නිසා. මගේ ඉදිරි කතාවක් ලියන්න ඉන්න කතන්දරේ කියෙවුවාම ඔයාට තේරේවි .. ඔබ දෙදෙනාට තෘප්තිමත් යුග දිවියක් ඉදිරියට ගෙනයාමටත් මුතු මැණික් වැනි දරුවන් ලැබීමටත් වාසනාව ලැබේවා..

    ReplyDelete
  6. ස්තූතී.ඔබේ ඊළඟ පොස්ට් එක බලන්න ඔන්න මග බලාගෙන ඉන්නවා

    ReplyDelete
  7. සුබම සුබ වසනාවන්ත අනාගතයක් ඔයාලා දෙන්නටම ප්‍රර්ථනා කරනවා නංගෝ..

    ReplyDelete